Relief-to-families-of-Israel-Gaza-hostages-after-release-of-13

හමාස් විසින් නිදහස් කරන ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකුගේ පවුල් විසින් ඔවුන් ආපසු පැමිණීමේදී ලැබිය යුතු සහන ගැන කතා කර ඇත.

රතු කුරුස සංවිධානය විසින් ගාසා තීරයේ සිට ඊජිප්තුවට ගෙන ආ කුඩා ළමුන් සහ වයෝවෘද්ධ කාන්තාවන් ඇතුළු කණ්ඩායමක් මේ වන විට ඊශ්‍රායලයට පැමිණ ඇත.

මේත් සමගම ඊශ්‍රායලය බටහිර ඉවුරේ පහිටා ඇති බෙයිටූනියා මුරපොල හරහා පලස්තීන රැඳවියන් 39 දෙනෙකු ද නිදහස් කර ඇත.

හමාස් විසින් නිදහස් කරන ලද පිරිස අතර,තායි ජාතිකයන් දස දෙනෙකු සහ එක් පිලිපීන ජාතිකයෙකු ද සිටින බව වාර්ථා වෙයි.  කටාර් රාජ්‍ය මැදිහත් වීමෙන් සිදු වූ ගිවිසුමකට අනුව ගනුදෙනුවක් ආකාරයෙන් මෙම ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලදී.

කටාර් ගිවිසුමේ නියමයන්ට අනුව, තාවකාලික යුධ විරාමයක් තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 ක් සහ පලස්තීන රැඳවියන් 150 ක් දින හතරක් තුළ නිදහස් කිරීමට අදහස් කෙරේ.



සිකුරාදා හමාස් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලයට ගෙන යාමට පෙර වෛද්‍ය තක්සේරු කිරීම් සඳහා ඊජිප්තු රෝහලකට ගෙන යන ලදී. නිදහස් කරන ලද ඊශ්‍රායල ජාතිකයින් අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවය යන වයස්වල ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක් ද ඇතුළත් ය.

"අපගේ සියලු ප්‍රාණ ඇපකරුවන් ආපසු අපගේ රටට ගෙන්වා ගැනීම සදහා අපි කැපවී සිටිමු." යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

ඊශ්‍රායල ජාතික Yoni Asher ගේ බිරිඳ වන 34 හැවිරිදි Doron Katz Asher සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනාවන Raz  සහ Aviv  යන දෙදෙනාද නිදහස් කරන ලද ප්‍රාණඇපකරුවන් අතර සිටියි.



“ඊශ්‍රායලය තුළින් පැහැරගත් පිරිසේ අන්තිමයාත් නිදහස් වී නැවත පැමිණෙන තුරු, මම මගේ පවුලේ පිරිස නිදහස් වී පැමිණේම සතුට සමරන්නේ නැහැ. ” යැයි Asher මහතා පැවසීය.

78 හැවිරිදි Margalit Moses ද හමාස් සංවිධානය විසින් නිදහස් කළ පිරිස අතර සිටී. දරුණු පිළිකාවකින් දිවි ගලවා ගත් ඇය,  හමාස් විසින් ඔක්තෝබර් 7 වන දින Kibbutz Nir Oz හීදී පැහැර ගන්නා ලදී.

ඩැනියෙල් ඇලෝනි සහ ඇගේ හය හැවිරිදි දියණිය වන එමිලියා ද ගනුදෙනුවේ කොටසක් ලෙස නිදහස් කර ඇත. ඔක්තෝබර් 7 වන දින Kibbutz Nir Oz හි පවුලේ අය සමඟ නවාතැන් ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් පැහැරගෙන ගොස් ඇත.

78 හැවිරිදි  Itay Ravi මහතාගේ, පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද නිදහස් හමාස් විසින් නිදහස් කර ඇත.  ඔහුගේ නැන්දා වන 78 හැවිරිදි රූති මුන්ඩර්, ඥාති සොහොයුරිය වන 54 හැවිරිදි කෙරෙන් මුන්ඩර් සහ ඇගේ 9 හැවිරිදි  පුත් ඔහාඩ් මුන්ඩර් යන අය  Nir Oz හීදී පැහැරගැනීමට ලක්ව ඇත.

හමාස් විසින් මුදා හරින ලද තායි ජාතිකයින්ගේ සහ පිලිපීන ජාතිකයින්ගේ පවුල් වලටද විශාල සහනයක් ලැබී ඇත.

28 හැවිරිදි තායි ප්‍රාණ ඇපකරුවෙකු වූ Wichai Kalapat ගේ පෙම්වතිය වන Kittiya Thuengsaeng විසින් ඔහු අතුරුදහන් වූ දා සිට ඇය මුහුණ දුන් චිත්තවේගීය කම්පනයන් පිළිබදව විස්තර කළාය.

තායි නිලධාරීන් ඇයට පවසා ඇත්තේ ඇගේ පෙම්වතා ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් මිය ගිය බවයි. නමුත් තායි බලධාරීන් විසින් සිදු කරන ලද  මියගිය අයගේ නම් ප්‍රකාශ කිරීමේ දී  Wichai ගේ නම සදහන් වී නොත්බුණි. සිදු වීමෙන් දින පහකට පසු, ඔහු තායි ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවේ සිටින බව ඇය දැනගත් බව පැවසුවාය.



පිලිපීනයේ  වෙසෙන 33 හැවිරිදි Gelienor (Jimmy) ද ඔක්තෝබර් 7 වන දින Kibbutz Nir Oz හි දී ප්‍රාණඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් ඇත. Jimmy යනු හමාස් වැටලීමේදී Kibbutz හී දී මියගිය අමිතායි බෙන් ස්විගේ භාරකරුවෙකි.

හමාස් - ඊශ්‍රායල හුවමාරුවේ කොටසක් ලෙස පලස්තීන රැඳවියන් 39 දෙනෙකු ද ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කර ඇත. කාන්තාවන් 24 දෙනෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමුන් 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම බටහිර ඉවුරේ පිහිටි බෙයිතුනියා මුරපොල හරහා මුදා හරින ලදී.

මරා බාකීර් යනු නිදහස් කරන ලද එක් පලස්තීන රැඳවියෙක් වන අතර ,  මරා  2015 දී අත්අඩංගුවට ගනු ලැබුවේ,  ඇයට වයස අවුරුදු 16 දී ය.
ඊශ්‍රායල් දේශසීමා පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයට වසර අටහමාරක සිර දඬුවමක් නියම විය.

ඊශ්‍රායලය විසින් සම්පාදනය කරන ලද කාන්තාවන් සහ බාල වයස්කරුවන් 300 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් තුළින් මෙම රැඳවියන් 39 දෙනා තෝරාගෙන ඇත.

ලැයිස්තුවේ සිටින අයගෙන් හතරෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් වරදකරුවන් වී ඇත. අති බහුතරයක් රිමාන්ඩ් භාරයේ සිටින අතර, ඔවුන් නඩු විභාගයන් සදහා මුහුණ දීමට නියමිතය. ලැයිස්තුගත කර ඇති බොහෝ දෙනා නව යොවුන් වියේ පිරිමි ළමයින් වන අතර ඔවුන්ගෙන් 40% ක් පමණ වයස අවුරුදු 18 ට අඩු වයස් කාණ්ඩයට අයත් වෙයි . එක් නව යොවුන් වියේ ගැහැණු ළමයෙකු සහ කාන්තාවන් 32 ක් ද ලැයිස්තුවේ සිටිති.

හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් පමණ මිය ගිය අතර, ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් 200කට අදික ප්‍රමාණයක් ගාසා වෙතට රැගෙන ගියේය.

මෙම හමාස්  ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල සිරගෙවල්වල කිසිදු චෝදනාවක් නොමැතිව රඳවා සිටින පලස්තීනුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.

සටන් විරාමයෙන් පසු ආධාර ලොරි 60ක් පමණ ගාසා තීරයට ඇතුළු වී ඇත. ඊශ්‍රායලය පවසන්නේ , ලොරි අටක් ඉන්ධන ගෙන එන බවත්, සටන් විරාමය පවතින සෑම දිනකම ලීටර් 130,000 ක කොටසක් ලබා දෙන බවත්ය.

දින හතරක සටන් විරාම ගිවිසුම මඟින් සියලුම ප්‍රදේශවල ඇති  ආධාර ආයතන වෙත ප්‍රවේශ විය හැකි බවට ගාසා නිලධාරීන් පවසා ඇත. නමුත් උතුරු ගාසා කලාපය යුද කලාපයක් බව පවසමින්,  මේ වන විට දකුණු ගාසා වෙතට විතැන් වී සිටින පලස්තීනුවන්ට  ආපසු උතුරු ප්‍රෙද්ශයට යාමට උත්සාහ නොකරන ලෙස  ඊශ්‍රායලය පවසා ඇත.   නමුත් දහස් ගණනක් වූ පලස්තීනුවන් තවමත් උතුරු ගාසා තීරයේ රැඳී සිටින බව වාර්ථා වෙයි.