Bangladesh-cricket-captain-Shakib-Al-Hasan-to-the-parliamentary-elections

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්   2024 ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව වාර්තාවේ.
පාලක අවාමි ලීගයේ නාම යෝජනා ලැබීමෙන් පසුව 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට සිය නාමයෝජනා ලබා දීම තහවුරු කරමින් ඔහු ප්‍රකාශයක් කර තිබෙයි.
 ඔහු තම උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරඟ කිරීමට නියමිතයි.


නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගයක් අතරතුර ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ ඔහු
 මේ වන විට සුවය ලබමින් සිටින අතර ඔහුගේ දේශපාලන කටයුතු සඳහා එය බාධාවක් වී නැත.

ශකීබ්ගේ දේශපාලනයට පිවිසීම සිදුවන්නේ බංග්ලාදේශයේ හිටපු නායක මෂ්රෆි මොර්ටාසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට තේරී පත්වීමෙන් පසු සාර්ථක ලෙස දේශපාලන ජීවිතයකට සංක්‍රමණය වූ අඩිපාරේ ය. කෙසේ වෙතත් මෂ්රෆි මොර්ටාසා දිගු කලක් දේශපාලන වැඩවල නිරතවීමෙන් පසු මැතිවරණයට ඉද්රිපත්වූ අයෙකි.
ෂකීබ් මීට පෙර ක්ෂේත්‍රයට පිවිසියේ නැති අතර දේශපාලනයට එන්නේ එක්වරමය.