ගාල්ල නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක 10 වසරේ 15 හැවිරිදි සිසුවියක නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කරන ලද එම බාලිකා විදුහල අසල ජනප්‍රිය පිරිමි විදුහලක 10 වසරේ සිසුවකු සහ අපහරණයට ලක්වූ සිසුවියද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එම අවස්ථාවේ එක් අයකු රුපියල් ලක්ෂය බැගින්වු ශරීර ඇප මත මුදා හැරීමටත් ඇපකරු මව හෝ පියා විය යුතු බවටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.
පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම සිසුවා සහ සිසුවිය මෙයට මාසයකට පමණ පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉකුත් 15 වන දින ඇය පාසල් යන බව පවසා නිවසින් පැමිණ පාසලේ ටයි පටිය සහ කොණ්ඩ පටි ගලවා පෙම්වතා සහ ඔහුගේ මිතුරකුද සමඟ අක්මීමන ප්‍රදේශයේ සිටින මිතුරකුගේ නිවසට ගොස් ඇති බවය.
එම අවස්ථාවේ අක්මීමන මිතුරාගේ මව නිවසේ සිට නොමැති අතර ඔවුන්
දෙදෙනා නිවසේ කාමරයක සිටියදී මව එන බවට තොරතුරක් ලැබීමෙන් පසු එම
නිවසේ මිතුරා තම සොහොයුරියගේ පාට ගවුමක් අන්දවා ඇය සහ මිතුරන් දෙදෙනා
නිවසින් යැවීමට සූදානම් වනවාත් සමඟ මව පැමිණ තම පුතාටත් පැමිණ සිටි
සිසුවියට සහ සිසුන් දෙදෙනාටත් පහරදී නිවසින් එළවා ඇති බවත් පොලිසිය
කියා සිටියේය.
ඔවුන් එසේ එමින් සිටියදී ගම්වාසින් විසින් අල්ලාගෙන අක්මීමන පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය පැමිණ ඔවුන් භාරයට ගෙන මවුපියන් කැඳවා භාරදී ඇති බවත් ඒ වනවිට සිද්ධිය පාසල් දෙකේම විදුහල්පතිවරුන්ට ආරංචි වී තිබූ බවත් පොලිසිය කියා සිටියේය.
සිසුවිය පසුදින පාසලට ගිය අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිනිය
ඇයගේ මව සහ ඇයද සමඟ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිලි කළ බවද ඒ
අනුව සිසුවිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත්
කෙරුණු අවස්ථාවේ ඇය දූෂණයට හෝ ලිංගික අපයෝජනයට ලක්ව නැති බවට වාර්තා
කර ඇති බවත් සිසුවිය මවගේ දෙවන විවාහයේ දරුවකු බවත් සිසුවාගේ පියා
විදෙස්ගතව සිටින බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සිසුවාට සහ සිසුවියට ශරීර ඇප නියම කරමින් ඇපකරුවන් ලෙස මව හෝ පියා අත්සන් කළ යුතු බවට නියෝග කළාය.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ මෙහෙයවීම යටතේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා චෞද්රි, පොලිස් පරීක්ෂක සිරිසේන, උප පොලිස් පරීක්ෂක නිහාල් මිගෙල්හේවා, කාන්තා කොස්තාපල් හිමාලි (5122) නෙල්කා (5621) ගිම්හානි (1076) යන මහත්ම මහත්මීන් විසින් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
එස්. දීයගහගේ
0 Comments