A-state-of-emergency-in-Iceland-due-to-the-risk-of-volcanic-eruption

 ප්‍රබල භූමිකම්පා මාලාවක් ඇති වීමෙන් පසුව අයිස්ලන්ත බලධාරීන් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. භූමිකම්පා වලින් පසුව රටෙහි නිරිතදිග Reykjanes කලාපයේ ගිනිකඳු පිපිරීමක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරයි.

"ජාතික පොලිස් ප්‍රධානී විසින් දැඩි භූමිකම්පාව හේතුවෙන් Grindavik හි  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි" යනුවෙන් සිවිල් ආරක්ෂක සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"භූමිකම්පාවේ මාපාංකය වඩා විශාල වන නිසා , එය ගිනිකදු  පුපුරා යාමට හේතු විය හැකි, බවට පරිපාලනය අනතුරු ඇඟවීය.

අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පැවසුවේ,  පිපිරීමක් "දින කිහිපයක්" ඇතුලත සිදුවිය හැකි බවයි.

මිනිසුන් 4,000ක් පමණ වාසය කරන Grindavik ගම්මානය පිහිටන්නේ , භූමිකම්පා ඇති වූ  ප්‍රදේශයට නිරිත දෙසින්ය. ඒ  1.86 සැතපුම් (3km) පමණ දුරකිනි.

සවස 5.30 ට පමණ ඇති වූ ප්‍රබල භූමිකම්පා දෙකක් කිලෝමීටර් 40 ක් ඔබ්බෙන් පිහිටි රේක්ජාවික් අගනුවරට සහ රටේ දකුණු වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති අතර එමඟින් ජනේල සහ ගෘහාශ්‍රිත වස්තූන් සෙලවුණු බවද වාර්ථා වෙයි.

මූලික IMO සංඛ්‍යාලේඛනවලට අනුව Grindavik ප්‍රෙද්ශයට උතුරින් විශාලතම කම්පනය සිදු වී ඇත.

එහි අගය රික්ටර් මාපකයේ 5.2ක් විය.

භූමිකම්පාවෙන් හානියට පත් වූ  ග්‍රින්දාවික් දක්වා දිවෙන මාර්ගයක් පොලිසිය විසින් වසා දමන ලදී.

 IMO ට අනුව, ඔක්තෝබර් අග සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා 800 කට ආසන්න භූමිකම්පා ප්‍රමාණයක් වාර්ථා වී ඇති අතර, අර්ධද්වීපයේ කම්පන 24,000 ක් වාර්ථා වී ඇත .

IMO විසින් සැතපුම් 3.1 (5km) පමණ ගැඹුරක භූගත මැග්මා සමුච්චයක් අධ්‍යනය කු ඇත.  එය මතුපිට දෙසට ගමන් කිරීම ආරම්භ කළහොත් එය ගිනිකඳු පිපිරීමකට තුඩු දිය හැකිය.

"බොහෝ දුරට මැග්මා මතුපිටට පැමිණීමට පැය කිහිපයක් ගතවීමට වඩා දින කිහිපයක් ගතවනු ඇති බව ගණන් බලා ඇත.  මේ වන විට භූ කම්පන ක්‍රියාකාරීත්වය ඉහළම මට්ටමක පවතින ස්ථානයේ ඉරිතැලීමක් ඇති වුවහොත්, ලාවා ගිනිකොන දෙසට සහ බටහිරට ගලා එනු ඇති බවද වාර්ථා වෙයි.  
Reykjanes අර්ධද්වීපයේ, 2021 මාර්තු, 2022 අගෝස්තු සහ 2023 ජූලි මාසවලදී පිපිරීම් තුනක් සිදු වී ඇත. එම තුනම යටිතල පහසුකම් හා ජනාකීර්ණ ප්‍රදේශවලට බොහෝ දුරින් කේන්ද්‍ර ගත වී ඇත.

බ්‍රහස්පතින්දා, Grindavik අසල පිහිටා ඇති සුඛෝපභෝගී හෝටල් සඳහා ප්‍රසිද්ධියට පත් වූ Blue Lagoon, වසා දමන ලදී .

පදිංචිකරුවන් 30,000 කට විදුලිය සහ ජලය සපයන ප්‍රධාන සැපයුම්කරු වන Svartsengi භූ තාප බලාගාරය ද Reykjanes අර්ධද්වීපයේ පිහිටා ඇත. පුපුරා යාමකදී කම්හල සහ එහි සේවකයින් ආරක්ෂා කිරීම සඳහා එහි හදිසි සැලසුම් හදුන්වා දී ඇත.

අයිස්ලන්තයේ සක්‍රීය ගිනිකඳු පද්ධති 33ක් ඇති අතර, එය යුරෝපයේ වැඩිම සංඛ්‍යාවයි.