Australia-Telecom-chief-resigns-after-nationwide-internet-outage

ඕස්ට්‍රේලියානු ටෙලිකොම් දැවැන්තයා වන Optus හි ප්‍රධාන විධායක නිලධාරීවරිය ඉල්ලා අස්වී තිබේ. Kelly Bayer Rosmarin නම් එම නිලධාරීවරිය, සමාගම සඳහා වසර තුනක  අධීක්‍ෂණ කාර්යයක්  සිදුකළ නමුත් අවුල් සහගත බවට චෝදනා ලැබුවාය.
ඔස්ට්‍රේලියානුවන් අඩකට පමණ බලපෑම් එල්ල කළ අන්තර්ජාල පද්ධති ඇනහිටීම ඇගේ ඉල්ලා අස්වීමට ආසන්න හේතු වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ "සමාගමට සේවය කිරීම ගෞරවයක්" වන නමුත් දැන් තමා ඉල්ලා අස්වීම සුදුසු බවයි.

" Optus හි ඉදිරි ගමනේ යහපත සඳහා, මගේ ඉල්ලා අස්වීම පිළීබද තීරණයට මම පැමිණියෙමි." යැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.



Bayer Rosmarin  මහත්මියව තෝරාපත් කරගනු ලැබුවේ  ප්‍රධාන මූල්‍ය නිලධාරි මයිකල් වෙන්ටර් විසින් වන අතර, ඇයගේ ඉල්ලා අස්වීමත් සමග , ඇති වූ පුරප්පාඩුව සදහා සමාගම ආදේශකයක් සොයමින් සිටී.

සිංගප්පූරුවේ පවතින Optus හි මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය "අභියෝග සහිත කාල පරිච්ඡේදයක්" තුළ Rosmarin  මහත්මිය වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන ඇයට ස්තූතිවන්ත විය.

නොවැම්බර් 8 වන දින සිදු වූ ඇනහිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මිලියන 10 ක් සහ ව්‍යාපාර දහස් ගණනක් පැය 12 කට වැඩි කාලයක් ජංගම හෝ අන්තර්ජාල ආවරණයක් නොමැතිව සිටීමට සිදු විය. එම තත්වයත් සමග ප්‍රවාහන ප්‍රමාදයන්, රෝහල් දුරකථන මාර්ග කපා හැරීම, ගෙවීම් පද්ධති වසා දැමීම සහ හදිසි සේවා ඇණහිටීම් ඇතුළු ගැටළු රාශියක් වාර්ථා විය.



සිකුරාදා පැවති සෙනෙට් සභාවේදී ද , මෙම සිද්ධිය සම්බන්ධයෙන් Bayer Rosmarin  මහත්මිය විවේචනයට ලක්ව ඇත.

Optus සමාගම 2022 සැප්තැම්බර් මාසයේ දී දත්ත කඩ කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් සමගද ද සටන් කරමින් සිටියි. මිලියන 10 ක පමණ ජනතාවකට බලපාන ලද එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම දත්ත කඩකිරීම ලෙස එකල විශ්වාස කෙරිණි.

Optus ඒ සම්බන්ධව සමාව අයැද සිටි අතර නවීන සයිබර් ප්‍රහාරයකට දොස් පවරා ඇත. නමුත් දත්ත සොරකම් කිරීම සඳහා සමාගම “ඵලදායි ලෙස අවස්ථාව උදා කර ඇති” බව පැවසූ සයිබර් ආරක්ෂණ අමාත්‍යවරයා ඇතුළු විවේචකයින් මේ සම්බන්ධව විවාද කළහ.