වසර 10 කට ආසන්න කාලයක් Jiang Hui විසින් මැලේසියාවේ නිවාඩුවක් ගත කර නැවත චීනය බලා එමින් සිටි සිය 70 හැවිරිදි මව රැගත් ගුවන් යානය පිළිබදව කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූයේ කෙසේ දැයි සොයමින් සිටියේය.



Jiang ගේ මව වන  Jiang Cuiyun යනු  2014 මාර්තු 8 වන දින,  ඉන්දියන් සාගරයට ඉහළින් අතුරුදහන් වූ, ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානයේ සිටි මගීන් 239 දෙනාගෙන් කෙනෙකි .

MH370 ගුවන් යානයට අත් වූ මෙම ඉරණම , ඉතිහාසයේ විශාලතම ගුවන් අභිරහස් වලින් එකක් ලෙස විශ්වාස කරයි. එහෙත් යානයට  සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමේ උත්සහාය Jiang  කිසි විටෙක අත්හැරියේ නැත.

සඳුදා දිනයේ දී චීන අධිකරණයක් විසින් MH370 යානයේ ගමන් ගත් මගීන්ගේ පවුල් ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම් විභාග කිරීම ආරම්භ කරනු ඇත. එම පවුල් පවසන්නේ මෙම සිදු වූ ව්‍යසනය හේතුවෙන් ඔවුන්ගේ ආදරණීයයන් අහිමි වූවාට අමතරව, ඇතැමුන් මූල්‍ය දුෂ්කරතාවයන්ටද ඇද දැමූ බවයි.

 50 හැවිරිදි Jiang, බීජිං හි Chaoyang දිස්ත්‍රික් මහජන අධිකරණයේ නඩු විභාගයට පෙර  අදහස් දක්වමින් පැවසුවේ

"වසර 10 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, විපතට පත් වූවන්ගේ පවුල් වලින් කිසිදු සමාවක් අයැද සිටීමක් හෝ වන්දියක් නොලැබුණ බවයි.

ජියැන්ග් විසින් Maylasia Airlines, එහි රක්‍ෂණ සමාගම, Boeing සහ ගුවන් යානයේ එන්ජිම නිෂ්පාදකයා -  Jiang විසින් සිදු වූ මෙම විපත සම්බන්ධයෙන් චීන නීතිය යටතේ වගකීම දැරිය යුතු යැයි ඔහු විශ්වාස කරන,  Maylasia Airlines, එහි රක්‍ෂණ සමාගම සහා Boeing සහ ගුවන් යානයේ එන්ජිම නිෂ්පාදකයා  යන අයවලුන්ට එරෙහිව නඩු පවරා ඇත. ඔහු ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වන්දි ගෙවීම, විධිමත් සමාව අයැදීම සහ පවුලේ සාමාජිකයින්ට මනෝවිද්‍යාත්මක ආධාර සැපයිම මෙන්ම අතුරුදන් වූ ගුවන් යානය සෙවීමේ කටයුතු දිගටම කරගෙන යාමට අරමුදලක් නිර්මාණය කිරීම වැනි දෑ ඇතුළත් වේ.

චීන පවුල් 40 ක් පමණ අභියාචනා සමඟ උසාවියට ගෙන යන අතර, විභාගය දෙසැම්බර් 5 දක්වා පවතිනු ඇතැයි තමා අපේක්ෂා කරන බව Jiang පැවසීය. එසේම ඔහුගේම නඩුව සිකුරාදා විභාගයට ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අතුරුදහන් වූ මෙම යානයේ 200 කට අධික පිරිසක් සිටි අතර, ඉන් 153 ක්ම චීන ජාතිකයන් විය.

චීන අධිකරණය විසින් Jiangට සහ අනෙකුත් වින්දිතයන්ගේ පවුත් වලට පක්ෂව තීන්දුවක් ලබා දෙන්නේ නම්, විත්තිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි බලාත්මක කිරීමේ බලය කුමක්ද යන්න අපැහැදිලි ය. Maylasia Airlines, බෝයිං සහ රෝල් රොයිස් යන සමාගම් වල කාර්යාල චීනයේ තිබුණද, ඒවාගේ මූලස්ථාන සියල්ලම චීනයෙන් පිටත පිහිටන ජාත්‍යන්තර සමාගම් වේ.

මැලේසියා ගුවන් යානයකදී තම පියා අහිමි වූ දරුවන් දෙදෙනෙකු,  අපරික්ෂාකාරී වීම සම්බන්ධයෙන් මැලේසියානු ගුවන් සමාගමට සහ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් මැලේසියානු රජයට 2014 වසරේ දී නඩු පැවරීය. පසුව එම නඩුව 2015 වසරේ දී උසාවියෙන් පිටත දී සමථයකට පත් විය.



චීනයේ ක්‍රියාත්මක වන මැලේසියානු ගුවන් සේවය සමඟ බේරුම්කරණ ගිවිසුමක් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වින්දිතයන්ගේ පවුල්වලට යුවාන් මිලියන 2.5 ක් (ඩොලර් 350,000) වන්දි වශයෙන් ලැබුණි.

2021 මාර්තු මස වන විට පවුල් 90 ක් පමණ වන්දි ලබා ගැනීම ප්‍රතික්ෂේප කර සිටි නමුත්,  කොවිඩ් -19 වසංගතයෙන් පසු වන්දි ප්‍රතික්ෂේප කළ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වූ බව Jiang පවසයි.

මේ වන විට පවුල් 40 ක් පමණ වන්දි ලබාගෙන නැත. Jiang පවසන පරිදි, ඔවුන් ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ , මැලේසියානු ගුවන් සමාගම සහ මැලේසියානු රජය විසින් සියලු වගකීම් පැහැරහැර ඇති නිසාය.

වසර තුනක පමණ කාලයක් සිදු වූ කොවිඩ් අගුලු දැමීම් සහ අනෙකුත් දැඩි පාලන ක්‍රියාමාර්ග හේතුවෙන් චීන ආර්ථිකය යම් විනාශයකට ලක් වූ අතර, එරට බොහෝ පිරිසක් ජීවිතය ගැට ගසා ගැනීමට තවමත් වෙහෙසෙති.

2018 වසරේ දී මැලේසියානු බලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පවසා තිබුණේ ,විමර්ශන කණ්ඩායමට "MH370 යානය අතුරුදහන් වීමට සැබෑ හේතුව තීරණය කිරීමට නොහැකි වූ" බවයි. නමුත් යානය අතුරුදහන් වීමට හේතුව තවත් ගුවන් යානයක් හෝ පද්ධතියේ අක්‍රියතාවක් වන සම්භාවිතාවයට වඩා මිනිසුන්ගේ ඇඟිලි ගැසීමක් විය හැකි බව වාර්තාවේ දැක්වේ.

නිශ්චිත සාක්ෂි නොමැතිකම හේතුවෙන්, ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව විවිධ න්‍යායන් සහ අනුමාන කිරීම් ඇති වී තිබෙන බවත්,   ඇතැම් පිරිස් තම ආදරණීයයන් තවමත්  ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන බවත් Jiang පැවසීය. ඔහු පවසන්නේ තමා විවෘත මනසක් තබාගෙන සිටින නිසා සාක්ෂි ඇතිව  ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිඵලයක් පිළිගන්නා බවත්ය.

2014 දී මෙසේ අතුරුදහන් වූ මෙම ජෙට් ලයිනර් යානය කිසිදා සොයා ගැනීමට නොහැකි වූ අතර, එහි සුන්බුන් කැබලි දකුණු ඉන්දියන් සාගරයේ සහ අප්‍රිකාවේ වෙරළ තීරයේ දූපත් වලට ගසාගෙන ගොස් ඇතැයි සොයාගෙන තිබේ.  එයින් ඇඟවෙන්නේ යානය කැඩී ගොස් ඇති බවයි.



විශ්‍රාම යාමේදී සංචාරය කිරීමට ප්‍රිය කළ ඔහුගේ මව වෙනුවෙන් යමක් කිරීමට ඇති ආශාව, යානය පිළිබදව සෙවීමේ Jiang ගේ නොපසුබට උත්සාහයට හේතුව විය.

MH370 ඛේදවාචකයට පෙර, Jiang රජයේ සන්නිවේදන සමාගමක කළමනාකරුවෙකු ලෙස රැකියාවෙහි නිරත වී ඇත. නමුත් ගුවන් යානය අතුරුදහන් වී වසරකට පසුව ඔහු සමාගමෙන් ඉවත් වූ අතර එතැන් සිට යානය සොයා ගැනීම සඳහා ඔහුගේ කාලය හා ශක්තිය යොදවා ඇත.

වසර ගණනාවක් පුරා, ඔහු ඕස්ට්‍රේලියාවේ ගවේෂණ කණ්ඩායම් සමග එක්ව ජෙට් ලයිනර් යානයේ සුන්බුන් සෙවීම සඳහා මොරිෂස්, මැඩගස්කරය ,ඉන්දියානු සාගරය සහා ප්‍රංශ දූපතක් වන Réunion හි වෙරළ තීරයන් හී සැරිසැරුවේය.

එසේම ඔහු තම ආදරණීයයන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පිළිතුරු සහ යුක්තිය සෙවීමේ මීළඟ පියවර සාකච්ඡා කිරීම සඳහා අනෙකුත් ගුවන් විපතට පත් වූවන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ නිතිපතා රැස්වීම් පවත්වා ඇත.