Israel-investigates-sexual-violence-among-Hamas-fighters

ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාර මධ්‍යයේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් ලේඛනගත කිරීම සඳහා ඊශ්‍රායල පොලිසිය අධිකරණ වෛද්‍ය සාක්ෂි, වීඩියෝ සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

එහිදී ප්‍රචණ්ඩත්වයට හසු වූ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ම්ලේච්ඡ ලෙස ලිංගිකව හිංසනයට ලක් කර ඇති අතර, ශාරීරික වධ හිංසාවලට ලක් කර මරා දැමූ බව පසු කාලීන සාක්ෂිකරුවෝ පවසති.

පොලිස් අධිකාරී Dudi Katz පැවසුවේ, කාන්තාවන් දූෂණයට ලක් වූ බව වාර්තා කළ පුද්ගලයින්ගේ  ප්‍රහාරවලට අදාළ ප්‍රකාශ 1,000 කට වැඩි ප්‍රමාණයක් සහ වීඩියෝ දර්ශන 60,000 කට වැඩි ප්‍රමාණයක් නිලධාරීන් විසින් රැස් කර ඇති බවයි.



විමර්ශකයන්ට  දූෂණයට ලක්වූවන් දිවි ගලවා ගත්තේද යන්න පැහැදිලි නැති බවත් ඔහු පැවසීය.

හමාස් සටන්කාමීන් දේශ සීමාව හරහා ප්‍රහාර එල්ල කිරීමෙන් , ප්‍රාණ ඇපකරුවන් 240 කට වැඩි ප්‍රමාණයක්,ගාසා තීරයට ආසන්න ගම්මානවල සහ ගොවිපලවල ඊශ්‍රායල ජාතිකයින් 1,200 ක් පමණ මිය ගිය අතර තුවාලද  ලැබූහ

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ බලධාරීන්ට අනුව පලස්තීනුවන් 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

පොලිස් කොමසාරිස් Shabtai Yaakov පැවසුවේ විමර්ශනය නඩු පැවරීමට හේතු විය හැකි නමුත් දැනට, ලේඛනගත කිරීම එහි  අත්‍යවශ්‍ය  පියවර බවයි.

හීබෘෘ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් නීති විශාරදයෙකු වන කොචව් එල්කායම්-ලෙවි පැවසුවේ දූෂණයට ලක් වූ සහ ලිංගික අතවරවලට ලක් වූ බොහෝ කාන්තාවන් ද ඝාතනයට ලක් වූ බව අපි දන්නා අතර යුද්ධයෙන් ගාසා තීරය සහ පලස්තීනුවන් දහස් ගණනකගේ ජීවිත විනාශ කරද්දී, ලෝකය ඒ දෙස බැලීමට කැමැත්තෙන් සිටින බවක් පෙනෙන්නට ඇතැයි යන  බියෙන්, දැන්  කුරිරුකම් පිළිබඳ සාක්ෂි ලේඛනගත කිරීම සඳහා සගයන් සමඟ සිවිල් කොමිසමක් පිහිටුවා සිටින බවයි.




Kibbutz Be'eri හි නම සදහන් කිරීමට අකමැති  වෛද්‍යවරයකු පැවසුවේ  , ඔහු සංහාරයෙන් පසු තවමත් ජීවතුන් අතර සිටින කිසිවෙකු හෝ  සොයමින් ගෙයින් ගෙට ගොස් බලන අවස්ථාවක නිදන කාමරයක තරුණ ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි.

"ඇගේ කලිසම ඇගේ දණහිස දෙසට ඇද දමා ඇති අතර ඇගේ හිස අසල බෙල්ලේ පිටුපසට වෙඩි උණ්ඩයක් තිබේ," ඔහු විස්තර කළේය. "ඇගේ හිස වටා ලේ විලක් ඇති අතර ඇගේ පිටේ පහළ කොටසෙහි ශුක්‍ර තරලය ඉතිරිව තිබු බවයි.

අනෙක් දැරියගේ   සිරුර පුරා තැලීම් ඇති බවත් පපුවට වෙඩි උණ්ඩයක් තිබූ බවත් ඔහු පැවසීය.

ඔහුගේ අදහස වුයේ "මේ ගැහැණු ළමයින් දෙදෙනෙකු වන අතර ඔවුන් ඔවුන්ගේම නිදන කාමරය තුළදී මරා  දමා බොහෝ  විට දූෂණය කර ඇති " බවයි.

තවත් සමහරු ත්‍රස්තවාදීන් විසින් තරුණයින් සිය ගණනක් මරා දැමූ නෝවා සංගීත උළෙලේදී ද එවැනිම භීෂණයක් වාර්තා කළහ

උත්සවයේ සංවිධායකයෙකු වන රමි ෂ්මුවෙල් පැවසුවේ තමා පලා යන විට වින්දිත කාන්තාවන් ඇඳුම් නොමැතිව සිටිනු දුටු බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත්ය.


විශේෂයෙන්ම කාන්තාවන් ලිංගික හිංසනය සඳහා ඉලක්ක කර ඇති බව පෙනී යන බව ඔහු පැවසීය.



කෙසේවෙතත් මේ පිලිබදව දීර්ඝ පරීක්ෂණයක් සිදු කිරීමට  ඊශ්‍රායලයේ පොලිසිය ඔවුන්ගේ විමර්ශනයට මාස කිහිපයක් ගත විය හැකි බව පිළිගන්නා අතර, ද්විත්ව පුරවැසියන්ගේ පවුල්වලට ඊශ්‍රායලය හැර වෙනත් රටවල යුක්තිය පසිඳලීමට මෙන්ම ජාත්‍යන්තර නඩු විභාග කිරීමට ද හැකි බව සඳහන් කළද,  නඩු පැවරීමක් කරන්නේ කෙසේද හෝ කොතැනද යන්න තවමත් අපැහැදිලි බව එල්කායම්-ලෙවි පැවසීය.

නමුත් නිලධාරීන් මාධ්‍ය හමුවකදී ඔවුන් රැස්කරමින් සිටින සාක්ෂි සඳහා පැහැදිලි මාර්ගයක්  ලබා දුන් අතර, ඔක්තෝබර් 7 වන දින නෝවා උත්සව ප්‍රහාරය ඇසින් දුටු කාන්තාවකගේ ප්‍රකාශයක්ද ඊට  ඇතුළත් කරගන්නට විය.
ඇය සදහන් කල ආකාරයට “එක්තරා කාන්තාවක් ජිවත්ව් සිටි බවත් , ඇය දෙපයින් සිටගත් බවත් ,පසුව  ඇගේ පිටෙන් ලේ ගලමින් සිටි බවත් . ඔහු ඇගේ කොණ්ඩය අදින බවත් දැක තිබු අතර  ඔහු ඇගේ පියයුරු කපා, පසුව ඔහු එය පාර දෙසට විසි කර, එය වෙනත් කෙනෙකුට විසි කරමින් සෙල්ලම් කරන්නට ගත බවත් ප්‍රකාශ කර තිබේ.