British-people-who-went-to-get-antibiotics-after-sharing-prescriptions-are-in-trouble

ප්‍රතිජීවක ඖෂධ වලට කලක් තිස්සේ මිනිස් සිරුරු හුරුවූ පසුව ඒවාට රෝග යටපත් කිරීමේ හැකියාව නැතිව යන බව ප්‍රකට කරුණකි. මෙම තත්වය දරුණු සෞඛ්‍ය අනතුරක් මතු කර තිබෙන බව එංගලන්කයේ සෞඛ්‍ය බලධාරීන් මෑතක කළ පර්යේෂණයකින් අනාවරණය කර තිබේ. මේ අතර ප්‍රතිජීවක ඖෂධ ආවාට ගියාට ගන්නට යාම හා අන් අය හා හුවමාරු කරගැනීමද භායනක බව පර්යේෂණය පෙන්වාදී ඇත.


ඉතිරි වූ ප්‍රතිජීවක ඖෂධ මිතුරන්ට සහ පවුලේ අයට ලබා දීමෙන් ඖෂධවලට ප්‍රතිරෝධී ආසාදන ඉහළ යාමේ අවදානම වැඩිව ඇති බවද එංගලන්තයේ නිලධාරීන් අනතුරු අඟවා තිබේ. විමර්ශනය කරන ලද දත්ත මගින් එරට තුළ අදාළ සිද්ධීන්වල වැඩිවීමක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ (UKHSA) ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කොලින් බ්‍රවුන් සිය පර්යේෂනය මගින් පෙන්වාදී ඇත.
මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ ආසියානු උරුමය ඇති පුද්ගලයින් සුදු ජාතිකයින්ට වඩා වැඩි අවදානමක් ඇති බවයි.

දරුණු ප්‍රතිජීවක ප්‍රතිරෝධී ආසාදන , රුධිර ප්‍රවාහ ආසාදන, UTIs, ශල්‍ය ස්ථාන ආසාදන සහ ශ්වසන ආසාදන 4% ක වැඩිවීමක් සිදුව ඇති අතර කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව තුළ කැපී පෙනෙන පහත වැටීමක් සිදු වුවද නැවත එය සීග්‍ර ලෙස  ඉහළ ගොස් ඇතැයි වාර්තාවෙහි දැක්වේ.



දරුණු ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ආසාදන හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත.ඒ අනුව පර්යෙක්ෂකයින් ප්‍රකාශ කරන පරිදි සියලුම ආසාදනවල පුළුල් වර්ධනයක් සිදුව පවතී.

මහාචාර්ය ඩයෑන් අෂිරු-ඔරෙඩෝප් පැවසුවේ “පළමු අවස්ථාවේ දීම  ආසාදන වැලැක්වීමට අප සැමට පියවර ගත හැකි බවයි.

ඒ සදහා “ නිතිපතා අත් සේදීම, එන්නත් සමඟ යාවත්කාලීනව සිටීම, කාමර වාතාශ්‍රය තබා ගැනීම සහ අප අසනීප වූ විට අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් ඈත්ව සිටීම වැනි දෑ කළ හැකි බව ඔහුගේ අදහසයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු විසින් උපදෙස් දෙනු ලැබුවහොත් පමනක්  ප්‍රතිජීවක ලබා ගැනීම කල යුතු  අතර එම ඖෂධ අන් අය සමඟ බෙදා ගැනීම නොකළ යුතු බවයි.සරලවම  විශේෂඥයන් පවසන්නේ බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම නීති විරෝධී බවයි.