Four-year-old-girl-among-hostages-released-Hamas

දකුණු ඊශ්‍රායලයට හමාස් විසින් ඔක්තෝබර් 7 සිදු කරන ලද ප්‍රහාරයෙන් පසුව පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල සම්බවයක් ඇති ඇමරිකානු දැරියක් ඉරිදා මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර විය. ඇය නමින් Avigail Idan ය.

හමාස් තුවක්කුකරුවන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කොට , දැරිය ප්‍රාණ ඇපයට ගන්නා විට ඇගේ වයස අවුරුදු තුනකි. හමාස් භාරයේ සිටියදී ඇයට වයස අවුරුදු හතර සම්පූර්ණ විය.

Avigail ගේ ලොකු නැන්දා වන  Liz Hirsh Naftali සහ ඇගේ ඥාති සොහොයුරිය වන  Noa Naftali විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "Avigail ආරක්ෂිතව නිවසට පැමිණීම පිළිබදව ස්තූතිවන්ත වන බවත්,  සතුටුවන බවත්ය.

ඔවුන් Avigail  නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට, කටාර් රජයට සහ අනෙකුත් පිරිසට ස්තූතිය පළ කළ අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගන්නා ලෙසද ඉල්ලා සිටියාය.

ජනාධිපති බිඩෙන් පැවසුවේ Avigail “විඳදරාගත් දේ පිළිබදව සිතාගත නොහැකි” බවත් , ඇය “දරුණු කම්පනයකට” මුහුණ දී ඇති බවත්ය.

ඉරිදා දිනයේ දී , ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම “එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ”  ප්‍රතිඵලයක් බව පැවසූ ජනාධිපති බිඩෙන් ,ඉදිරි දිනවලදී තවත් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පැවසීය.

ඉරිදා දිනයේ දී නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙකු ඊශ්‍රායල ජාතිකයින් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙකු තායි ජාතිකයන් වේ. ඊශ්‍රායල ජාතිකයන් 14 දෙනාගෙන් නව දෙනෙක් ළමයින් වූහ.



Avigail ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරය සිදුවන විට  Kfar Aza kibbutz හි ඇගේ පවුලේ අය සමඟ රැදී සිට ඇත. ප්‍රහාරයේදී ඇගේ දෙමාපියන් මිය ගිය අතර, ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සැඟවී සිටියදී පසුව බේරාගෙන ඇත. සටන්කරුවන් වෙඩි තබන විට Avigail ගේ පියා  ඇයව අල්ලාගෙන සිටි බව ඇගේ මවගේ ඥාති සොහොයුරියක් පැවසීය.

Avigail දිවි ගලවා ගෙන ඇගේ අසල්වැසි නිවසක් වූ  බ්‍රොඩච් නිවසට දිව ගිය නමුත් හමාස් විසින් එම පවුලේ අය සමඟ Avigail ද  පැහැරගෙන ගොස් ඇත.

බ්‍රොඩච් පවුලේ ඇතැම් සාමාජිකයින් ඉරිදා නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් අතර සිටි අතර, හතර හැවිරිදි ඔරියා , අට හැවිරිදි සහෝදර යුවාල් ,ඔවුන්ගේ 10 හැවිරිදි සහෝදරිය ඔෆ්රි සහා ඔවුන්ගේ මව වන 40 හැවිරිදි Hagar Brodutch ද ඊට ඇතුළත් විය .

මුදා හරින ලද අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් අතර සිටි 48 හැවිරිදි Chen Almog-Goldstein සහ ඇගේ දරුවන් වන අට හැවිරිදි Tal , 11 හැවිරිදි  Gal ,  සහ 17 හැවිරිදි  Agam යන අය ප්‍රහාරය සිදු වූ දිනයේ Kfar Aza හී පිහිටි ඔවුන්ගේ නිවසේ දී පැහැරගෙන ගොස් තිබේ . Chen ගේ ස්වාමිපුරුෂයා වන නදව් සහ ඔවුන්ගේ 20 හැවිරිදි දියණිය වන යාම් යන දෙදෙනා හමාස් සටන්කරුවන් විසින් මරා දමන ලදී.

වයස අවුරුදු 15 සහ අට හැවිරිදි ඩෆ්නා සහ එලා එලියාකිම් යන සහෝදරියන් ද නිදහස් කර ඇත . ප්‍රහාරය සිදු වූ දින ඔවුන් Kibbutz Nir Oz  හි පිහිටි ඔවුන්ගේ නිවසේ දී  රැගෙන ගොස් ඇති අතර, ප්‍රහාරකයන් විසින් එම පැහැර ගැනීම සජීවීව විකාශනය කර අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

මුදා හරින ලද අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් වූයේ ,සුපර්නෝවා සංගීත


උළෙලේ ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ලද 25 හැවිරිදි Roni Krivoi,  62 හැවිරිදි Adrienne Aviva Seigel සහා ඇගේ සැමියා වන 64 හැවිරිදි  කීත්ය.

ඊශ්‍රායල හමුදා (IDF) ප්‍රකාශක රියර් ඇඩ්ම් ඩැනියෙල් හගාරි ප්‍රකාශ කළේ , නිදහස් කරන ලද පිරිස අතර සිටි 84 හැවිරිදි එල්මා අව්‍රහම් නම් කාන්තාව  Beersheba හි Soroka රෝහල වෙත ගුවන් මගින් රැගෙන ගිය බවයි.

මේ අතර හමාස් සහ ඊශ්‍රායලය අතර දින හතරක සටන් විරාමයේ කොටසක් ලෙස පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කර තිබේ.

ඔක්තෝබර් 7 වැනිදා දකුණු ඊශ්‍රායලයට සිදු කරන ලද හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගන්නා ලදී. එතැන් සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 14,500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසාහී සෞඛ්‍ය අමාත්‍යංශය වාර්ථා කරයි.

පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා උපායක් ලෙස හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිසක් නිදහස් කර ඇති අතර,  ගාසා තීරයට ලබා දුන් දින හතරක සටන් විරාමයේ තුන්වන දිනය ඉරිදා සනිටුහන් විය.

ගිවිසුම තුළ හමාස් විසින් මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 54 ක් වන අතර,  නිදහස් කර ඇති සිරකරුවන් සංඛ්‍යාව 117 කි.