A-warning-from-North-Korea-to-Japan-that-it-will-launch-a-spy-satellite

බදාදා මධ්‍යම රාත්‍රිය වන විට උතුරු කොරියාව තුන්වන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් දියත් කිරීමට කටයුතු කරන  බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.

නොවැම්බර් 30 වන දින දේශීය වේලාවෙන් 23:59 (GMT 14:59) ට අවසන් වන මෙම  දියත් කිරීම සඳහා දින නවයක කාලයක් ගතවනු  ඇතැයි Pyongyang [Pyongyang යනු උතුරු කොරියාවේ අගනුවර සහ විශාලතම නගරය] ඔවුන්ට දැනුම් දී ඇති බව Tokyo පවසයි.



ජපානය එය දියත් කිරීම නවතන ලෙස දැඩිව ඉල්ලීම් කර ඇත.එය එක්සත් ජාතීන්ගේ සම්මුති උල්ලංඝනය කරන බව ඔවුහු පවසති.

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට ලබා ගැනීමට උතුරු කොරියාව මේ වසරේ දෙවරක් අසමත් විය.

ජපාන වෙරළාරක්ෂක බලකාය පැවසුවේ, Pyongyang හි දැනුම්දීම මගින් චන්ද්‍රිකාව රැගෙන යන රොකට්ටුවේ සුන්බුන් වැටෙන ප්‍රදේශ ලෙස සැලකෙන සමුද්‍ර කලාප තුනක් නම් කර ඇති බවයි.

එහි සදහන් ආකාරයට සුන්බුන් වැටෙන ප්‍රදේශ දෙකක් කොරියානු අර්ධද්වීපයට බටහිර දෙසින් වන අතර අනෙක පිලිපීනයේ ලුසොන් දූපතට නැගෙනහිරින් පිහිටා ඇත.

දියත් කිරීම ඉදිරියට ගියහොත්  "අවශ්‍ය ක්‍රියාමාර්ග" ගන්නා බවට දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ මෙහෙයුම් ප්‍රධාන අධ්‍යක්ෂ Kang Ho-pil අනතුරු ඇඟවීය.




උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හට  ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් යනු මිල නොකළ හැකි ත්‍යාගයකි.මන්ද ඉන් ඔහුට පැමිණෙන ප්‍රහාර නිරීක්ෂණය කිරීමට සහ ඔහුගේම සැලසුම් වඩාත් නිවැරදිව සැලසුම් කිරීමට ඉඩ සලසයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය Pyongyang චන්ද්‍රිකා දියත් කිරීම තහනම් කර ඇත්තේ එය උතුරේ මිසයිල තාක්ෂණය අත්හදා බැලීමට තෝතැන්නක්  ලෙස සලකන බැවිනි.

දකුණු කොරියාව මැයි මාසයේදී උතුර දියත් කල , පළමු දියත් කිරීමෙන් සුන්බුන් ලබා ගත් අතර චන්ද්‍රිකාවට “මිලිටරි උපයෝගීතාවයක් නොමැති” බව පැවසීය.

අගෝස්තු මාසයේ දෙවන උත්සාහය අසාර්ථක වීමෙන් පසුව, Pyongyang හි අභ්‍යවකාශ ඒජන්සිය ඔක්තෝම්බර් මාසයේදී නැවත උත්සාහ කරන බව පැවසූ නමුත් එය නොකළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සැප්තැම්බරයේ කිම් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු යෝජනා කළේ මොස්කව්ට Pyongyang  චන්ද්‍රිකා තැනීමට උදව් කළ හැකි බවයි.



මෙම මස මුලදී, දකුණු කොරියාව නොවැම්බර් අග වන විට තමන්ගේම ඔත්තු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. මෙම චන්ද්‍රිකාව රැගෙන යාමට නියමිතව ඇත්තේ ඇමරිකානු SpaceX සමාගමට අයත් රොකට්ටුවක් මගිනි.

2025 වන විට සෝල් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති ඔත්තු බැලීමේ චන්ද්‍රිකා පහෙන් පළමු චන්ද්‍රිකාව මෙය බව වාර්තා වේ.