Palestinian-poet-arrested-by-Israeli-forces

යුද සමයේදී ගාසා තීරයේ ඔහුගේ ජීවිතය පිළිබඳ ආවර්ජනය කරමින් ඒ පිලිබදව  නිව් යෝර්කර් සහ අනෙකුත් මාධ්‍යය  ප්‍රකාශනයන්ට අදහස් දැක්වූ පලස්තීන ලේඛකයෙකු සහ කවියෙකු ඊශ්‍රායල හමුදාව විසින් රඳවාගෙන ඇති බව ඔහුගේ සහෝදරයා පවසයි.

හම්සා අබු ටෝහා සඳුදා ෆේස්බුක් සටහනක සඳහන් කලේ තම සහෝදරයා වූ  මෝසාබ් අබු ටෝහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් අත්අඩංගුවට ගත්  බවයි.
මෙලෙස ඔහු  අත්අඩංගුවට ගනු ලැබුවේ "ඔහු උතුරේ සිට දකුණට ගාසා වෙත පිටත්ව යමින් සිටියදී මුරපොල වෙත ළඟා වූ විට"බවද ඔහු පවසා තිබුණි.



ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දකුණට ඇතුළු වූ අතර හමුදාව ඔහුගේ  සහෝදරයා මොසාබ් අත්අඩංගුවට ගත් බවයි.'ඔහු ගැන අපට කිසිම තොරතුරක් නැහැ. 'ඔහු එසේ පවසන්නේ දැඩි කම්පනයෙනි.

නමුත් අබු ටෝහා අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයේ බොහොමයක් තැන්  අපැහැදිලි ය

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු කියා සිටියේ තත්වය පිළිබඳව සොයා බැලීමට තොරතුරු මද බවයි.

ඇමරිකානු පොත් සම්මානලාභී සහ ජාතික පොත් විචාරක කව සම්මානය සඳහා අවසන් තරඟකරුවෙක් වන 30 හැවිරිදි මොසාබ් අබු ටෝහා  යුද්ධයේ සිට ගාසා තීරය විනාශ කර ඇති ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගැන දැඩි ලෙස ලියා ඇති තරුණ මතධාරියෙකි.

ඔහු ඔක්තෝබර් 20 දින ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක තම ඥාතීන් සමඟ නැවතී සිටි ජබාලියා සරණාගත කඳවුරට ඉවත් වී දින කිහිපයකට පසු උතුරු ගාසා හි බෙයිට් ලාහියා හි පිහිටි ඔහුගේ නිවසට ආපසු පැමිණීම විස්තර කර තිබිණ.

“මගේ නිවසට යන ප්‍රධාන වීදියේදී, බොහෝ කම්පන සහගත දර්ශනවලින් පළමුවැන්න මම දකිමි. ඉස්සර මම මගේ ළමයි අරන් යන්න, ජූස් බිස්කට් ගන්න ගිය කඩයක් කැඩිලා. අයිස්ක්‍රීම් තබා තිබූ අධිශීතකරණය දැන් සුන්බුන්වලින් පිරිලා.

මට පුපුරණ ද්‍රව්‍ය සුවඳ දැනෙනවා, සමහර විට ඒ මිනිසුන් දැවෙනවා විය හැකියි," යනුවෙන් ඔහු ලියා ඇත.

දින පහකට පෙර ෆේස්බුක් සටහනක අබු ටෝහා ඔහු "ජීවත් වන" බව ලියා ඇති අතර ලේ වැගිරීම අවසන් කරන ලෙසද එහි  ඉල්ලා තිබිණි..

වැඩි දුරටත් ඔහු එහි ලියා ඇත්තේ දැන් අපිට  ශීත ඍතුව පැමිණිලා එහෙත්  අපට ප්රමාණවත් ඇඳුම් නෑ . ළමයි දුක් විඳිනවා. අපි දුක් විඳිනවා,මෙය නැවැත්විය හැක්කේ කාටද? කරුණාකර දැන් එය නවත්වන්න. යනුවෙන් ය.

PEN ඉන්ටර්නැෂනල්, ලේඛකයන්ගේ ගෝලීය සංගමය, සඳුදා පැවසුවේ අබු ටෝහා ගැන දැඩි ලෙස සොයා බලන බවයි.

කලින් Twitter ලෙස හැඳින්වූ සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X වෙත පළ කරන ලද ප්‍රකාශයක ඔවුන් සඳහන් කර තිබුනේ “අපි ඔහු සිටින ස්ථානය සහ ඔහු රඳවා තබා ගැනීමට හේතු දැන ගැනීමට  ඇමතුම්වලට සම්බන්ධ වෙමින් සිටින්නෙමු ,යනුවෙනුයි.

නිව් යෝර්ක් රිවීව් ඔෆ් බුක්ස් ද ඔහු විසින් වාර්තා කරන ලද රඳවා තබා ගැනීම ගැන X හි පළ කර ඇති අතර මැයි මාසයේදී ඔහු විසින් පල කළ කවියක්ද ප්‍රකාශයට පත් කොට ඇත.