ගුවන් සේවිකාවක තම නිවුන් ළදරුවන්ගේ අසුන් ගැනීම සම්බන්ධයෙන් වූ අසාධාරණයකට ඇමරිකන් එයාර්ලයින්ස්ට එරෙහිව නීතිමගින් කටයුතුකර මවක ජයගෙන ඇතැයි විදෙස් මාධය වාර්තා කර තිබේ.
ඇය තමාට හිරිහැර කළ බවට කළ චෝදනාවෙන් පසු "කොන්ත්‍රාත් කඩ කිරීම" සහ "නොසැලකිලිමත් ලෙස චිත්තවේගීය පීඩා ඇති කිරීම" සම්බන්ධයෙන් ඇමරිකන් එයාර්ලයින්ස් සමාගමට එරෙහිව නඩුව ජයගත් අතර
සැතපුම් 4,500 ක කුඩා හිමිකම් පියවීමක් සහ ඩොලර් 3,500 ක වන්දියක් දිනා ගත්තාය.
ඔරිගන්හි නීතිඥවරියක් වන එරිකා හැමිල්ටන්, ඇගේ මාස 18ක් වයසැති නිවුන් දියණියන් සමඟ පෙබරවාරි මාසයේ පෝට්ලන්ඩ් සිට ෆ්ලොරිඩාවේ ටල්ලාහසී දක්වා ගුවන් යානයක යමින් සිටි බව පැමිණිල්ලේ දැක්වේ
ඇය පවසන පරිදි එවකට ඇමරිකානු ගුවන් සේවයේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එක දියණියකට තම උකුලේ සහ අනෙකා අසුනේ වාඩි වීමට ටිකට්පත් මිලදී ගත් බවයි.
එහිදී වයස අවුරුදු 2 ට අඩු ළදරුවන් "ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් අනුමත කරන ලද ආරක්ෂිත ආසනයක ගමන් කළ යුතුය, නැතහොත් උපකාරයකින් තොරව ඔවුන්ගේ ආසනයේ කෙළින් වාඩි වී සිටිය යුතු අතර ගුවන්ගත වීම, ගොඩබෑම සහ 'ආසන පටි සවි කිරීම' යන සෑම අවස්ථාවකම ඔවුන්ගේ ආසන පටිය ආරක්ෂිතව සවි කළ යුතුය යන රෙගුලාසි එම කාර්යට ඇතුළත් වෙයි.
එහිදී මව සදහන් කරන්නේ තමා ගුවන් සේවිකාවකගේ හෑල්ලුවට හා හිරිහැරයට මුහුණ දුන් බවයි.ඇය USA TODAY විද්‍යුත් තැපෑල හරහා පැවසුවේ තමන් කුඩා දරුවන් දෙදෙනෙක් සමග දුෂ්කර කාර්යක නිරත වෙද්ද්දී ඔවුන් මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම පහත් ක්‍රියාවක් බවයි.
මේ සම්බන්ධයෙන් American Airlines බදාදා USA TODAY වෙත පවසා තිබුනේ “අපගේ රැකවරණයේ සිටින ඕනෑම අයෙක්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සහතික කරන අතරම අප සමඟ ගමන් කරන සෑම කෙනෙකුටම ධනාත්මක පිළිගැනීමක් ලබා දීමට ඇමරිකානුවන් උත්සාහ කරන බවයි ,අපි මේ වන විට හැමිල්ටන් මහත්මිය සමඟ සම්බන්ධ වී සිටින අතර අදාළ ප්‍රවේශ පත්‍රය සඳහා සැතපුම් 4,500ක් ආපසු ගෙවන්නෙමු."යනුවෙනුයි.
නමුත් හැමිල්ටන් පැවසුවේ ඇය සැතපුම් 9,000ක් භාවිතා කළ බවත් ඇයට සහ ඇගේ එක් දියණියකට ටිකට්පත් සඳහා ඩොලර් 5.90ක් ගෙවූ බවත්ය.මන්ද එකල ගුවන් සමාගමේ ප්‍රතිපත්තියේ සඳහන් වූයේ වෙනම ආසනයක සිටින ළදරුවෙකුට තමන්ගේම ටිකට් පතක් අවශ්‍ය බවයි.
ඉන් පසු American Airlines විසින් සම්පුර්ණ මුදලම පියවා ප්රශ්නය සමතයකට පත් කරන්නට විය.
ඇය සදහන් කරන ආකාරයට ගුවන් යානයට ගොඩවෙන විටම
එක් ගුවන් සේවිකාවක් තමා දරුවන් තබාගෙන සිටින ආකාරය දරුවන්ට ආරක්ෂිතදැයි අසා එක් දියණියක් ආසනයක් නොමැතිව පියාසර කිරීම FAA සහ ගුවන් සේවා ප්‍රතිපත්තියට පටහැනි බව දිගින් දිගටම පැවසූ බවයි. එම හේතුව නිසා ඇය නීති රීති උල්ලංඝණය කරමින් එය ප්‍රතික්ෂේප කිරීමටද උත්සාහ කළ බව සදහන් ය.
හැමිල්ටන්ට පිටුපසින් වාඩි වී සිටි කාන්තාව නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු අල්ලා ගැනීමට ඉදිරිපත් වූ අතර, හැමිල්ටන්ට එය එකම විකල්පයද විය.මේ සිදුවීම සම්බන්ධයෙන් ඇය කියා සිටියේ ඇමරිකන් එයාර්ලයින්ස් මගේ දරුවාගේ ආරක්ෂාව අවදානමට ලක් කළ බවයි. මගේ දරුවා නාඳුනන කෙනෙකුගේ උකුලේ තබා රැකවරණ දෙනවාට වඩා ආරක්ෂිත පටියක් සවි කර ඇගේ අසුනේ අසුන් ගැනීම වඩා ආරක්ෂිත බැවින්,ඒ සම්බන්ධව ඇය පැමිණිල්ලේ ලියා ඇත.
ගුවන් යානය අතරමගදී ගුවන් සේවිකාව හැමිල්ටන්ගෙන් සමාව ඉල්ලා සිටි බව වාර්තා වේ.
හැමිල්ටන් පැවසුවේ ඇය පෙබරවාරි 8 වන දින ගුවන් සමාගමට වාර්තාවක් ගොනු කළ අතර ගුවන් සේවිකාව ද ඇයගේම වාර්තාවක් ගොනු කළ බවයි. වාර්තාවේ, ගුවන් සේවිකාව කියා සිටියේ හැමිල්ටන් තම නිවුන් දරුවන් හැසිරවීමේ "දුෂ්කරතාවයෙන්" සිටිනු දුටු බවත් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව "කනස්සල්ලක්" ඇති වූ බවත්ය.
නමුත් හැමිල්ටන් කියා සිටින්නේ ගුවන් සේවිකාවගේ වාර්තාවෙන් වැඩි ප්‍රමාණයක් “සාවද්‍ය” බවයි.
මුදල් නැවත ලබා ගැනීම සඳහා හැමිල්ටන් නැවත ගුවන් සමාගම වෙත ගිය නමුත් ඔවුන් ඩොලර් 75 ක වවුචරයක් පමණක් පිරිනැමූ බවත් , එබැවින් ඇය කුඩා හිමිකම් උසාවිය වෙත යොමු වූ බවත් පැවසුවාය . ඇය ඩොලර් 3500 ක වන්දියක් ඉල්ලා අප්‍රේල් මාසයේදී නඩුවක් ගොනු කළාය.
නඩු විභාගය අතර තුර එහි තවත් මගීන් දෙදෙනෙක් සාක්ෂි දෙමින් කියා සිටියේ ගුවන් සේවිකාව "ඒකාන්තයෙන්ම අසත්‍ය" තොරතුරු ලබා දුන් බවයි.
0 Comments