Australian-government-apologizes-to-victims-of-thalidomide

තලිඩොමයිඩ් යනු ගර්භනී කාන්තාවන්ට කාංසාව, නින්ද නොයාම සහ උදෑසන අසනීප සඳහා උපකාර කිරීම සඳහා නිර්දේශ කරන ලද ඔසුවකි . ලොව පුරා සිටින ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරුන් සහ රසායනඥයින් විසින් සහතික කරන ලද අතර මෙම ඖෂධය ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවාට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව කලකට ඉහත වෙළඳ දැන්වීම් මගින් සහතික විය.
තලිඩොමයිඩ් 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේදී ගර්භනී කාන්තාවන්ගේ ඔක්කාරය සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා කරන ලද ඖෂධයකි. තාලිඩොමයිඩ් ප්‍රතිකාරය හේතුවෙන් දරුවන් දහස් ගණනකගේ දරුණු උපත් ආබාධ ඇති වූ බව 1960 ගණන්වල දී පෙනී ගියේය. එකල බොහෝ රටවල තලිඩොමයිඩ් භාවිතය තහනම් කරන ලදි.
 ‘තලිඩොමයිඩ් ඛේදවාචකයක්‘ ලෙස එය වෛද්‍ය ක්ෂෙත්‍රයේ කථාබහට ලක්විය.

ඕස්ට්‍රේලියාව තලිඩොමයිඩ් අශ්‍රිතව ආබාධ වලට ලක්වූ  අයගෙන් සහ පවුල්වලින් ජාතික සමාවක් අයදීම පසුගියදා සිදුවිය.



ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වේදනානාෂක ඖෂධ ඛේදවාචකයෙන්  දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ පවුල්වල අයගෙන් ජාතික සමාව අයැද තිබේ. ගෝලීය වශයෙන් ළදරුවන් තුළ උපත් ආබාධ ඇති කිරීමට පටන් ගෙන වසර 60 කට පසුව මෙම සමාව ගැනීම සිදුකර තිබේ.

“මෙය ඕස්ට්‍රේලියානු වෛද්‍ය ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක් ,” බව ඇන්තනි ඇල්බනීස් බදාදා පාර්ලිමේන්තුවට පැවසීය. ඛේදවාචකයේදී රජය සිය අතපසු වීම පිළිගෙන ඇති පළමු අවස්ථාව එයයි.

ඕස්ට්‍රේලියාවේ බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් නොදනී. නමුත් දිවි ගලවා ගත් 140 කට වැඩි පිරිසක් 2020 සිට මූල්‍ය ආධාර වැඩසටහනක් සඳහා ලියාපදිංචි වී ඇත.

2019 දී, වාර්තාවකින් හෙළි වූයේ නායකයින් ඉක්මනින් ක්‍රියා කළේ නම් ඕස්ට්‍රේලියාවේ තලිඩොමයිඩ් නිසා ඇතිවූ රෝග යන්ගෙන් 20% ක්ම බේරා ගත හැකිව තිබූ බවයි.

දිවි ගලවා ගත් 61 හැවිරිදි ට්‍රිෂ් ජැක්සන් පැවසුවේ සමාව ඉල්ලීමෙන් පවුල්වලට "යම්තාක් දුරක සාමයක්" ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. "නමුත් එය කළ යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙර දෙමාපියන් ජීවතුන් අතර සිටියදීයී. සමහර දිවි ගලවා ගත් අය මේ වනවිට මිය ගොස් ඇත. ඔවුන්ට මෙය ඇසීමට නොලැබුණා." යැයි ඔහු පැවසීය.

1950 ගණන්වල ජර්මනියේ නිපදවන ලද, Thalidomide මුලින් භාවිතා කළේ sedative හෝ tranquiliser ලෙසය, නමුත් එය ඉක්මනින්ම  morning sickness drug ලෙස ලොව පුරා පුළුල් ලෙස ප්‍රචලිත විය.

භාවිතය වැඩි වන විට, උපත් ආබාධ පිළිබඳ වාර්තා ද ,  සාමාන්‍යයෙන් සැලකිය යුතු ලෙස කෙටි වූ අත් පා ස්වරූපයන් පිළිබදවද වාර්ථා විය.



1961 වසරේ  දී The Lancet Medical journal හි වාර්තාවක් මගින් එහි අන්තරායන් පිළිබඳව ලොවට ප්‍රථම වරට අනතුරු ඇඟවූ අතර, පසුව වෙළඳපොලෙන් ඉවත් කරන ලදී.

ඒ වන විට ඇස්තමේන්තු කර ඇති පරිදි ගෝලීය වශයෙන් ළදරුවන් 10,000 ක් ආබාධ සහිතව උපත ලබා ඇත.  දිවි ගලවා ගත් පිරිස  වන්දි ලබා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ සටන් කර ඇත.

කැනඩාව 1991 දී දිවි ගලවා ගත් අය සඳහා මූල්‍ය ආධාර හඳුන්වා දුන් අතර 2010 දී එක්සත් රාජධානිය පීඩාවට පත් වූවන්ට ජාතික සමාව අයැද සිටියේය. නමුත් 2019 දී කැපී පෙනෙන සෙනෙට් පරීක්ෂණයක් පවත්වන තෙක් ඕස්ට්‍රේලියාව දිවි ගලවා ගත් අයට සහාය වීමට පියවර ගත්තේ නැත.