Darren-Bravo-temporarily-retires-from-cricket-after-being-cut

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කන්ඩායමේ ප්‍රකට ක්‍රීඩක  ඩැරන් බ්‍රාවෝ ලබන මාසයේදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා කොදෙව් සංචිතයට තෝරා නොගැනීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විරාමයක් ගැනීමට තීරණය කර තිබේ. අවසන් වරට 2022 පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට ක්‍රීඩා කළ 34 හැවිරිදි ඔහු, 2023-24 සුපර් 50 කුසලානයේ ලකුණු සටහනේ ඉහළින්ම සිටි අයෙකි. ඔහු ලකුණු 416ක් ලබා ගත්තේ සාමාන්‍ය 83.20ක් ලෙසිනි.



බ්‍රාවෝ කොපමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වීමට අදහස් කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත.

"මම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට යන මගේ මීළඟ පියවර කුමක් දැයි කල්පනා කරනවා" බ්‍රාවෝ ඉන්ස්ටග්‍රෑම් හි ලිවීය.
"කිසිදු මට්ටමේ දැනුවත්කිරීමකින් තොරව මාව කපා දමා ඇත," ඔහු තවදුරටත් ලිවීය.
"මම උත්සාහය අත්හරින්නේ නැහැ, නමුත් මම විශ්වාස කරනවා ටිකක් ඈත් වෙලා ඉන්න "මම' කාලයක් මගේ සිහිනය ජීවත් කළා.ඒ ඇති" ඔහු පැවසීය.



2009 වසරේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට පිවිසීමෙන් පසු බ්‍රාවෝ බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 56ක්, එක්දින තරග 122ක් සහ විස්සයි20 තරග 26ක් ක්‍රීඩා කර ඇත. ප්‍රධාන තේරීම් කමිටු සභාපති ඩෙස්මන්ඩ් හේන්ස් ඔහුගේ ඉවත් කිරීම ගැන අදහස් දක්වා කියා සිටියේ  ඇලික් අතනාසේ වැනි ළාබාල පිතිකරුවන්ට අවස්ථාවක් දීමට මෙය කළ බවකි.

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයෙකු වන බ්‍රාවෝගේ වැඩිමහල් සොහොයුරා වන ඩ්වේන් තේරීම් කමිටුවට එරෙහිව චෝදනා එල්ල කළේ ඔවුන් "ක්‍රීඩකයන්ට අයුතු ලෙස සැලකීම, අගෞරව කිරීම " කර ඇති බවට චෝදනා කරමිනි.