japan-suspected-shooting-hospital-toda-intl-hnk

86 හැවිරිදි සැකකාර තුවක්කුකරුවෙකු ජපාන පොලිසිය විසින් අඟහරුවාදා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය වැටළිම කළේ සැකකරු තැපැල් කාර්යාලයක් තුළට පිවිස ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු රදවාගෙන සිටින බවට ලැබුණු ආරංචිය සමගය.
පැයක පමණ ගැටුමකින් පසු මෙම සැකකරු ජපානයේ ටෝකියෝවට ආසන්න සයිටමා ප්‍රාන්තයේ වරාබි නගරයේ රඳවාගෙන සිටි බව පොලිසිය පැවසීය.

ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ විමර්ශන කණ්ඩායම් අඟහරුවාදා දහවල් තැපැල් කාර්යාලයට යවා තිබුණේය. ඒ සැකකරු එහි සැඟවී සිටින බවත්, කාන්තා තැපැල් කාර්යාල සේවිකාවන් දෙදෙනෙකු සම්බන්ධ කර ගැනීමට බලධාරීන්ට නොහැකි වූ බවත් වාර්තා වීමෙන් පසුවය.

මහජන විකාශක NHK පවසන පරිදි, සිද්ධියෙන් කාන්තාවන්ට හානියක් සිදුවී නොමැත. සිදු වීම වී පැය පහකට පමණ පසු එක් කාන්තාවක් තැපැල් කාර්යාලයෙන් පිටතට ගිය අතර අනෙක් කාන්තාව පැය කිහිපයකට පසු පැන ගිය බව NHK වාර්තා කරයි.



ප්‍රාණ ඇපයේ සිටි 20 හැවිරිදි කාන්තාවක් මේ වන විට නිරුපද්‍රිතව සිටින බව පොලිසිය CNN වෙත තහවුරු කළේය.

තැපැල් කාර්යාලයට පැමිණ ප්‍රාණ ඇපකරුවන් රදවා තබා ගැනීම වාර්ථා වූයේ, වෛද්‍යවරයෙකුට සහ පිරිමි රෝගියෙකුට තුවාල සිදු කරමින් ජපානයේ ටෝඩා නගරයේ රෝහලක වෙඩි තැබීම සිදු වී පැය කිහිපයකට පසුවය.

86 හැවිරිදි ඔහු රෝහල් වෙඩි තැබීමටද සම්බන්ධ බවට පොලිසිය විශ්වාස කරයි. පොලිසිය පැවසුවේ වෙඩි තැබීම පස්වරු 1 ට පමණ සිදු වී ඇති බවයි. රෝහලෙන් පලා ගිය සැකකරු , කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් පිහිටි තැපැල් කාර්යාලයට ඇතුළුවන්නට ඇති බවට සැක කරයි.



ජපානයේ Toda නගරාධිපති Fumihito Sugawara , “තුවක්කුවක් රැගෙන ගිය බවට සැක කරන” පුද්ගලයෙකු තැපැල් කාර්යාලය අවහිර කර ඇති අතර එම ප්‍රදේශයේ  ගමන් නොකරන ලෙස ප්‍රෙද්ශවාසීන්ට අවවාද කර ඇත.

අඟහරුවාදා රෝහලට නුදුරින් පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් ද ඇති වී තිබේ. විමර්ශකයින් විශ්වාස කරන්නේ තුවක්කුකරු එම මහල් නිවාසයේ එක් නිවසක ජීවත් වූ බවයි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව NHK වාර්තා කරයි.

ජපානයේ තුවක්කු හිංසනය අතිශයින් දුර්ලභ ය. ගිනි අවි හිමිකම පිළිබඳ දැඩි නීති නිසා ලොව අඩුම තුවක්කු අපරාධ සිදුවන රටවලින් එකක් බවටද ජපානය පත් වී තිබේ.

පසුගිය වසරේ ජපාන හිටපු අගමැති ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලදී . එය ජාතිය කම්පනයට පත් කළ ප්‍රහාරයකි.