The-father-who-abused-his-daughter-shot-himself-dead-when-he-saw-the-police

අම්පාර පන්නල්ගම 2සී කුමන ප්‍රදේශයේදී තම දියණිය අපයෝජනය  කළ පියෙකු කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන ඊයේ (26දා) මරණයට පත්ව ඇති බව දමන පොලීසිය පවසයි.මියගිය පුද්ගලයාගේ බිරිද දැනට මාස හයකට පමණ පෙර මැදපෙරදිග රැකියාවට ගොස් තිබෙන බවත්, තම බිරිඳ ගිය අවස්ථාවේ සිට පියා විසින් දියණිය අපයෝජනය කර ඇති අතර,

පසුව දියණිය විසින් මැදපෙරදිග සිටින මවට මේ පිළිබඳව දැනුම්දුන් අවස්ථාවේදී දරුවන් දෙදෙනා ඝාතනය කරන බවට පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත්  කර තිබේ.

පොලිස් නිලධාරීන් පිරිසක් පන්නල්ගම අදාළ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවස තුළට පැනගත් සැකකාර පියා නිවසේ දොරවල් වසාගෙන තිබෙන  අතර, පොලිස් නිලධාරීන් දොර විවෘත කරන ලෙසට දැනුම් දුන්නද  නිවස තුළ තිබූ කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙන  බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.



සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නන්දන ජයපත්ම මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 1 භාර සහකාර පොලිස් අධිකාරී හේමන්ත සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණයෙන් දමන  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් දිසානායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 අම්පාර - වසන්න චන්ද්‍රපාල