borella-lakhs-85

බොරැල්ලේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් සොරාගෙන ත්‍රීරෝද රථයකින් යමින් සිටි මෙහෙකාර සේවකයකු පොලිසියට හසුවීමෙන් පසු එම මුදල් සියල්ල පොලිසියට අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.සැකකරු සමඟ සොරා ගත් මුදලින් රුපියල් 8,440,000/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.බදුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පුතුන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් කුලී පදනම මත ලබාගෙන එම නිවසේ මෙහෙකාර සේවය සඳහා ඔහු යටතේ වසර 25ක පමණ කාලයක් සේවය කළ සැකකරු එම නිවසේ රඳවා තිබූ බව පොලිසිය කියයි.ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා සහ වැඩිමල් පුතුගේ මිතුරෙක් පදිංචිව සිටින අතර පෙරේදා (15) කෝටිපති ව්‍යාපාරිකයා බදුල්ලේ සිට සිය බිරිඳ සහ දියණිය සමග එම නිවසට පැමිණ තිබු බව පොලිසිය කියයි.



පුතුන් දෙදෙනා සහ ඔහුගේ මිතුරා නිවසින් පිටත්ව ගොස් තිබූ අතර එම අධ්‍යාපන කටයුතු සඳහා උදෑසන නිවසට පැමිණි ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය අවශ්‍යතාවක් සඳහා දහවල් නිවසින් පිටතට ගොස් තිබූ අතර මද වේලාවක දී ව්‍යාපාරිකයා ද රියදුරු සමඟ නිවසින් පිටතට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. එම අවස්ථාවේ දී මෙහෙකරු රියදුරුට අමතා ඔවුන් සිටින තැන විමසා පැමිණෙන විට පෙශර් පෙති රැගෙන එන ලෙස දැනුම් දී දුරකථනය විසන්ධි කර තිබූ බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයා හා රියදුරු නිවසට පැමිණෙන විට නිවසේ දොර අඩවල් දීම සඳහා මෙහෙකරු අමතා කතා කළ කර තිබූ අතර රියදුරු ප්‍රෙගර් පෙති ලබා  දීම සඳහා මෙහෙකරු අමතා කතා කල ද ප්‍රතිචාරයක් නොවීමෙන් නිවසේ සෑම  තැනම සොයා බැලුව ද ඔහු සොයාගැනීමට නොහැකි වීමෙන් අනතුරුව  ව්‍යාපාරිකයාට ඒ බව පැවසීමෙන් අනතුරුව ඔහුද නිවස තුළ සොයා බැලීමේ දී නිවසේ අල්මාරිය විවෘත කර ඇති අයුරු දක්නට ලැබී ඇත.



නිවසේ අල්මාරියේ තැන්පත් කර තිබූ රුපියල් කෝටියකට පමණක් ආසන්න මුදලින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් නොමැති බවත් රන් භාණ්ඩ සහ තවත් මුදල් ඒ අයුරින්ම තිබෙන බවත් පවසමින් ව්‍යාපාරිකයා බොරැල්ල පොලීසියට පැමිණිලි කර තිබිණි. පැමිණිල්ල ලැබී පැය කිහිපයක් ගතවීමට මත්තෙන් ගල්ගමුව පොලිසියෙන් බොරැල්ල පොලීසියට ලද පණිවුඩයකින් කිය වී ඇත්තේ මාර්ග බාධකයක් හරහා ත්‍රිරෝද රථයකින් යාමට පැමිණි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහු එකවරම බෑගයකින් මනාව සකස් කරන ලද මුදල් මිටියක් පොලිස් නිලධාරීන් වෙත දික්කර එය ලබාගෙන තමන්ට එම ස්ථානයෙන් යාමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ අනුව ඔහු සන්තකයේ තිබූ බෑගය පරීක්ෂා කිරීමේ දී විශාල මුදල් තොගයක් තිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් ය.

අධික ලෙස මත්පැන් පානය කර සිටි එම පුද්ගලයා අනෙක් මුදල් කොටස ද තමන් වෙත ලබා දීමට එකඟතාවය පළ කළ බවත් එම පොලිස් නිලධාරින් පවසා ඇත.අනතුරුව එම සැකකරු කුලී පදනම රැගෙන ආ තීරෝද රථ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් බොරැල්ලේ සිට අනුරාධපුරය දක්වා කුලී පදනම මත මෙම පුද්ගලයා සමඟ පැමිණි බවට ප්‍රකාශ කර ඇත.

සැකකරු අනතුරුව මුදල් සොරා ගැනීමෙන් ත්‍රිරෝද රථයේ නැගී කටුනායකට පැමිණ මත්පැන් පානය කර රුපියල් 5000 ක මුදලක් ද ලබාදී ඇතැයි එහි සේවකයෙකුට සන්තෝසම් වශයෙන් විමර්ශනවල දී අනාවරණය වී ඇත.සැකකරු අනුරාධපුරයට එන අතරවාරයේ දී දුරකථනයෙන් අමතා ඔහුගේ පුතුට වෑන් රථයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දෙන බවට ද පොරොන්දු ලබා දී ඇතැයි වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 52 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ