budget-speech-2024

 01:58 PM අයවැය කථාව අවසන් කරන ලදි.
- පැය දෙකකින් අයවැය කියවා අවසන් කළ අතර පාර්ලිමේන්තු හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කටයුතු කෙරිණි.

01:55 PM අපි බ්‍රිතාන්‍යයටත් ණය ලබා දුන්නා. අද අපි ලෝකයෙන් හිඟා කනවා. අපි අනාගතයටත් එය සිදු කළ යුතුයි. අනාගත පරම්පරාවට සාඩම්බර රටක් උරුමකරමු.



01:52 PM ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සමජීවිකථා සංකල්පය නොබිදෙමින් මේ කටයුත්ත සිදු කළ යුතුයි.

01:51 PM හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. දේශගුණික විශ්වවිද්‍යාලය වෙනුවෙන් කොත්මලේ ජලාශයට ඉහළින් අක්කර 600ක් වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාස ආයතනයක් පිහිටුවනවා. ආහාර සුරක්ෂිතභාව තහවුරු කිරීමටත් එහි යෙදී සිටින සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.



01:49 PM තාක්ෂණය හා නවෝත්පාදනය නිර්මාණාත්මක ආර්ථිකයක පදනමයි. ඒ සඳහා සහාය වීමට රජය සූදානම්. ගිග් ආර්ථික කටයුතු සැලකිල්ලට ගෙන දේශසීමා ගනුදෙනු හා වාණිජ පහසුකම් ගෙවීම පහසු කිරීමට කටයුතු කරනවා.

01:47 PM රජයේ නිවාඩු නිකේතන සංවර්ධනය කිරිම වෙනුවෙන් රුපියල් මිලියන 600ක් වෙන් කරනවා. පින්නවල - කිතුල්ගල සංචාරක කොරිඩෝවක් ඇති කරනවා. 

01:47 PM සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස දිගු කාලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසරකට මිලියන 5ක සංචාරකයක් ගෙන්වා ගත යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට නව නීතියක් සකස් කරනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා. පළාත් සංචාරක මණ්ඩයලය ශක්තිමත් කරනවා. රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.

01:45 PM තාක්ෂණික නවෝත්පාදන සභාවක් ඇති කිරීමට කටයුතු කරනවා. 

01:39 PM තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරනවා. ප්‍රධාන ගෝලීය වෙළඳපොළවලට තරගකාරීව ඇතුළත්වීමේ හැකියාව ලැබෙනවා.



01:38 PM රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිමී යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙය සම්බන්ධීකරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කණ්ඩායම් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කරනවා.

01:37 PM නව නීති 60ක් අපි හඳුන්වා දෙනවා. ගැටලුවක් විසදීමේ පළමු පියවර පිළි ගැනීමයි. 01:33 PM රාජ්‍ය ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

01:32 PM බැංකු පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රාග්ධනය වැඩි කිරීමට රුපියල් බිලියන 450ක් වෙන් කරනවා. රාජ්‍ය බැංකුවල කොටස් සියයට 20ක් ලබාදීමට කටයුතු කරනවා. මෙය තැන්පත්කරුවන්ට ලබා ගත හැකියි.

01:30 PM විදේශීය සෛවරීත්ව ණය බැඳුම්කර පියවීම වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කරනවා.

01:29 PM 2032 වසරේදී රාජ්‍ය ණය දල දේශීය නිශ්පාදිතයෙන් සියයට 98ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසු මූල්‍ය හා ආර්ථික අංශයේ ස්ථාවරත්වය ඇති වෙනවා.

01:28 PM රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරනවා. මෙය දිගුකාලීන ව්‍යාපෘතියක්. ඉන්දීය ආයෝජකයන් සමග එක්වී මෙම කටයුතු සිදුකරනවා. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපති කරනවා.

01:27 PM ජාතික ජන සභා ලේකම් කාර්යයාල පිහිටුවීමට රුපියල් මිලියන 700ක් වෙන් කරනවා. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ මූලික සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන්කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස චීනය සමග ආරම්භ කරගෙන යනවා. කුරුණෑගල - ගලගෙදර කොටස ජපානය සමග ඉදිරි කරනවා. මෙය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට හැකිදැයි සොයා බලනවා.

01:23 PM විදුලි බස් රථ 250ක් ධාවනයට එක්කරනවා. මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රෙව්ශ මාර්ග සංවර්ධනය රුපියල් මිලියන 1500ක්. මිහින්තලේ දුම්රිය නගරයක් ඉදි කරනවා. සංචාරක ගමනාන්ත දුම්රිය නගර ස්ථාපිත කරනවා.

01:19 PM ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරනවා.

01:17 PM බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කටයුතු කරනවා. එය රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 250ක් ලබාදෙනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතියට තවත් රුපියල් බිලියන 2.5ක් වෙන්කරනවා. මහා විහාර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. මාස හයකදී කටයුතු ආරම්භ කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කරනවා.

01:15 PM උතුරු නැගෙනහිර නිවාස ව්‍යාපෘති කඩිනම් කිරිමටත් නැවත පදිංචි කිරීම වේගවත් කරනවා. අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම කටයුතු කරනවා.වන්දි ගෙවීම කඩිනම් කිරීමට තවත් මිලියන 1000ක් වෙන් කරනවා. යාපනයේ පානීය ජල ගැටලුව විසඳීමට කටයුතු කරනවා. එහි මූලික කටයුතු ඇරඹීමට රුපියල් මිලියන 250ක් වෙන්කරනවා. පුනරින් නගරය වැදගත් සංචාරක මධ්‍යස්ථානයක්. එම නගරය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරනවා.

01:12 PM රජයේ සියලු පාර්ශ්වකරුවන් සමග කටයුතු කරමින් ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඉන්දියාව සමග ගොඩබිමින් සබඳතා ඇති කිරීමට කටයුතු කරනවා. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරිමෙන් දකුණු ඉන්දියාවේ වේගවත් සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවෙනවා.

01:11 PM ලංකාවේ විභවතාවයන් ප්‍ර යෝජනයට ගැනීම සඳහා හොඳම සංචාරක ගමනාන්තයක් හා ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ලංකාව දියුණු කිරීමටකටයුතු කරනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. 01:09 PM ජාතික පශු සම්පත් සංවර්ධනය සතු ගොවිපොළ සියල්ලම පෞද්ගලික අංශය සමග එක්ව දියුණු කරනවා. දෛනික කිරි නිශ්පාදනය ලීටර මිලියන 20ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. දෛනික කිරි ලීටර් 1600ක් තිබුණ නිශ්පාදනය මේ වන විට ලීටර් 5000ක් දක්වා පෞද්ගලික අංශය එකතු වීමෙන් පසුව වැඩිවෙලා තිබෙනවා. මෙය ලීටර් 7500ක් දක්වා වැඩි කිරීමට හැකියාව තිබෙනවා.

01:07 PM ශ්‍රී ලංකාවේ ස්ථිර හා තාවකාලික ජලාශ 12000ක් පමණ තිබෙනවා. මේවායේ ධිවර කර්මාන්ත නගා සිටුවීමට මිලියන 200ක් වෙන් කරනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණ කිරිමේ වගකීම ඒ ඒ ගොවි කමිටුවලට ලබා දෙනවා. එවට පුද්ගලික සමාගම් සමග එක්ව ඒවා සංවර්ධනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

01:05 PM කෘෂිකර්මය තරගකාරී තත්ත්වයට ඔසවා තැබිය යුතුයි. ධීවර කර්මානයත් නගා සිටුවීටත් පෝෂණය කිරීමටත් වැඩසටහන් දියත් කරනවා. මේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් බිලියන 2.5ක් වැය කරනවා. වියළි කලාපයේ වී අස්වැන්න වැඩි කිරීමට කටයුතු කරනවා.කිසිදු වගාවක් නොකරන ඉඩම් වල වෙනත් වගා කිරීමට නීති සකස් කරනවා. මහැවැලි ඉඩම් වලින් වෙනත් වගා සඳහා අක්කර ලක්ෂ තුනක් වෙන් කරනවා.

12:59 PM ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරනවා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කරනවා.

12:57 PM තෘතීය අධ්‍යාපන ආයතන පළාත් සභාවලට පැවැරීමට යෝජනා කරනවා. මග පෙන්වීම මධ්‍යම රජය මගින් සිදුකරනවා.

12:55 PM රාජ්‍ය විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට කටයුතු කරනවා. එය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන්කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 40ක් වෙන්කරනවා. ඉන්පසුව කැළණිය, කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලට මෙය ව්‍යාප්ත කරනවා.


12:54 PM ඉදිරියේදී  පළාත් සභා මගින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් හැකියාව තිබනෙවා. ඒ අනුව
විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවෙනවා. අධ්‍යාපනික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා.
මේ වෙනුවෙන් රුපියල් බිලියනක් වෙන් කරනවා. නව තාක්ෂණික විශ්වවිද්‍යාලයක් මහනුවර නගරයේ
විද්‍යාතනයක් ආරම්භ කරනවා. මේ සඳහා ඉන්දියාව අපිට පූර්ණ සහාය දෙනවා.

12:52 PM නව විශ්වවිද්‍යාල 4ක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.

12:51 PM අපිට තියෙන්නේ කට පාඩම් කරන්නන් බිහිකරන අධ්‍යාපනයක්. අපි පූර්ණ අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙනවා. අධ්‍යාපනය
පිළිබඳව ආයතන කිහිපයක් පිහිටුවනවා.

12:49 PM හානියට  පත් මාර්ග හා පාලම් සංවර්ධනයට රුපියල් බිලියන 2ක් වෙන් කරනවා.

12:49 PM අබලන් වූ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 10ක් වෙන් කරනවා.

12:48 PM ආර්ථික අර්බුදය නිසා නවතා තැබූ ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 55ක
මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ලබන වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධන වියදම ට්‍රිලියන 1 බිලියන 260ක්
වෙන්කරනවා. එය දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 4ක පමණ වෙනවා.
|
12:42 PM අඩු ආදායම් ලාභී නාගරික ජනතාවගෙන් අය කරන රුපියල් 3000ක කුලිය ලබා ගැනීම අවසන්
කරනවා. ඔවුන්ට එම නිවෙස් වල අයිතිය ලබා දෙනවා. නිවාස 50000ක අයිතිය ඔවුන්ට ලබා දෙනවා.

12:41 PM බ්‍රිතාන්‍ය සමයේ ඉඩ කඩම් අහිමි වූ ජනතාවට යළිත් එම ඉඩකඩම් ලබාදීමට අපි කටයුතු
කරනවා. පවුල් ලක්ෂ 20කට මේ අනුව ගොවිබිම් හා ඉඩම් ලැබෙනවා.

12:37 PM විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 2500කින් ඉහළට.
වැන්දඹු හා අනත් දරු  විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට
අටක් දක්වා වැඩි කරනවා. වැඩිහිටි දීමනාව රුපියල් 1000කින් ඉහළට.
වකුගඩු රෝගී දිමනාව රුපියල් 2500කින් ඉහළට,

12:36 PM රජයේ සේවකයන්ට සහනයක් ලබා දීමට යෝජනා කරනවා. රජයේ සේවක සංඛ්‍යාව මිලියන
1.3ක් වෙනවා. සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5කටත් වැඩියි. අපි ජීවන වියදම් දීමනාව ජනවාරි
මාසයේ සිට රුපියල් 10000කින් වැඩි කරනවා. එකතු කරන්න වෙන්නේ අප්‍රේල් මස සිටයි. ජනවාරි සිය
අප්‍රේල් දක්වා හිඟ මුදල ඔක්තෝබර් සිට කොටස් වශයෙන් වශයෙන් ගෙවනවා. මේ අනුව ජීවන වියදම්
දීමනාව රුපියල් 7800 සිට රුපියල් 17800ක් දක්වා වැඩිවීමට නියමිතය‍.