caughf-syrup-health-store

කැස්ස සිරප් වර්ග මෙන්ම ආසාදන සඳහා භාවිත කරනු ලබන වේදනා නාශක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග හතක් වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල එක්රැස් වී කල් ඉකුත්වීමේ අවදානමක් මතුව ඇති බවට වෛද්‍ය සැපයීම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී ඇත.

මෙම ඖෂධ වර්ග වන්නේ Promethazine HCI syrup 5mg /5ml 60 ml bottle , Phenylephrine 10mg Chlorpheniramine 4mg tab ,Diphenhydramine syrup 60ml ,Mesalazine Tablet 500 mg ,ketarolac Tromethamine 10mg tab යි. අදාළ ඖෂධ පසුගිය වසරේ

සහ මේ වසරේ ඇස්තමේන්තුගත කළ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් රෝහල්වල භාවිත ඇති කර බවට ඇස්තමේන්තු ලැයිස්තුවල නිරීක්ෂණය වී ඇති බව වෛද්‍ය සැපයීම් අංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. මෙම ඖෂධ වර්ගවලින් Promethazine HCI syrup 5mg /5ml 60 ml bottle , ketarolac Tromethamine 10mg tab මෙම වසරේ දෙසැම්බර් මාසයේදී කල් ඉකුත්වීමට නියමිත අතර සෙසු ඖෂධ වර්ග පහ ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවලදී කල් ඉකුත් වීමට නියමිතය . එම නිසා මෙම ඖෂධ වර්ග කල් ඉකුත්වීමට පෙර භාවිත කිරීමට කටයුතු කරන ලෙසත්

එම ඖෂධ භාවිත කර ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රෝහල් අධ්‍යක්ෂවරුන්ට සහ කාර්ය මණ්ඩලවලට දැනුම් දී තිබේ.

වරුණි පෙරමුණ