charles-king-75-birthday

බ්‍රිතාන්‍යය චාල්ස් රජුගේ 75 වන උපන්දිනය පසුගිය අගහරුවදා දිනට යෙදී තිබිණ.නමුත් වෙනදා මෙන් එදින අති විශාල සංදර්ශන ,සැණකෙළි පැවැත්වුයේ නැත.
ඒ වෙනුවට, ඔහු තම මවගේ සම්ප්‍රදාය අනුගමනය කරමින්  ඔහුගේ මූලික අවධානය මහජන සේවය කෙරෙහි යොමුකළේය.
මේ සතියේ රජතුමාගේ උපන්දින සැලසුම්වල ප්‍රධාන තැන හිමි වුයේ ඔහුගේ නව ආහාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමයි
එය  රටෙහි ආහාර දිළිඳුකම සහ නාස්තිය යන දෙකම විසඳීමේ ක්‍රමෝපායක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත
පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ අතිරික්ත ආහාර ලබාගෙන අවශ්‍ය ඕනෑම තැනකට සැපයීම සඳහා බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
එහෙයින් ඔහුගේ  උපන්දිනය වෙනුවෙන් ලන්ඩන් නගරයෙන් පිටත අතිරික්ත ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක  සංචාරයක්ද  එදින සිදුවිය.
එයට බිරිඳ කැමිලා රැජිනද සහභාගී විය.


ඔහුට අවශ්‍ය වූයේ ආහාර නාස්තිය සමාජ යහපත සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි බැලීමටය.
එංගලන්තයේ නිවාස නොමැති අයට උපකාර කරන සඟරාවක් වන Big Issue හි නවතම සංස්කරණයෙන් චාල්ස් රජුගේ නව ප්‍රචාරණය ගැන වැඩි විස්තර හෙළි කර ඇති අතර, එමඟින් රජතුමා එහි නවතම කවරයේ තරුව බවට පත් විය.
එහිදී ඔහු පවසා ඇත්තේ "ආහාර අවශ්‍යතාවය ආහාර නාස්තිය තරම්ම සැබෑ සහ හදිසි ප්‍රශ්නයක් - ඒවා අතර පරතරය පියවා ගැනීමට මාර්ගයක් සොයාගත හැකි නම්, එය එකින් එක ගැටළු දෙකක් විසඳනු ඇත," යනුවෙන් ය.
නමුත් රජතුමාගේ උපන්දිනයේ සම්ප්‍රධායක් වන තුවක්කු ආචාරයද එදින  ලන්ඩන් ටවර් සහ එඩින්බරෝ මාලිගය ඇතුළුව රට පුරා උත්සවාකාරයෙන්  පැවැත්විණි.
එසේම චාල්ස් රජු  ජාතික සෞඛ්‍ය සේවයට ගෞරවයක් වශයෙන් හෙදියන් සහ වින්නඹු මාතාවන් සඳහා බකිංහැම් මාලිගයේදී පිළිගැනීමේ උත්සවයක්ද  පැවැත්වීය
ඔහු ක්ලැරන්ස් හවුස් හි පවුලේ අය සමඟ පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදි අතර හැරී කුමරු එහි නොසිටි බව දැනගන්නට ලැබී ඇත.
එසේම ඔහු 75 වැනි වියට පා තබන අනෙක් අය සමඟ ඔහුගේ සැමරුම් බෙදා ගත්තේය
සවස් වරුවේ සජීවී සංගීතය සහ තේ සාද පැවැත්වූ අතර, රජතුමා ග්ලූස්ටර්ෂයර් හි හයිග්‍රෝව් හි ඔහුගේ නිවස අසල නතර වී විනෝදයට පත් විය.
ප්‍රින්ස් ඔෆ් වේල්ස් අතරතුර ඔහු විසින් ආරම්භ කරන ලද පුණ්‍යායතන තුනක් යළි සන්නාමගත වෙමින් පවතින බව පසුගියදා අනාවරණය විය. කුමාරයාගේ භාරය රජුගේ භාරය බවට පත්වෙමින් තිබේ. එසේම, කුමරුගේ පදනම රජුගේ පදනම වනු ඇත.
එසේම  වේල්ස් කුමරුගේ පුණ්‍යාධාර අරමුදල ඉදිරියට යන විට III වන චාල්ස් රජුගේ පුණ්‍ය අරමුදල ලෙස හැඳින්වේ.