childs-skeleton-found-padlocked-to-17th-century-grave-in-poland

17වන සියවසේ ළමයෙකුගේ දේහයක් පෝලන්තයේ සොහොනක අගුළු දමා තිබියදී සොයා ගන්නා ලදී . එසේ අගුලු දමා ඇත්තේ  ඔහු මළවුන්ගෙන් නැගිටීම වැලැක්වීමටයැයි  සැලකේ.
පුරාවිද්‍යාඥයන් විසින් අවුරුදු හයේ සිට හත දක්වා වයසැති දරුවෙකුගේ පාදයට යටින් ත්‍රිකෝණාකාර යකඩ අගුලක් සමඟ මුහුණට මුහුණ වළලා තිබූ සිරුරක් සොයා ගන්නා ලදී.පෝලන්තයේ උතුරු පියන් ගම්මානයෙන් සොයාගත් සිරුර වැම්පයර්වරුන් පිළිබඳ පුරාණ අද්භූත විශ්වාසයන් නිසා මුහුණට මුහුණ වළලා සොහොනට අගුළු දමා ඇති බව විශ්වාස කෙරේ.

මෙහි කාන්තාවකගේ බෙල්ලේ දෑකැත්තක් සහ පාදයේ ත්‍රිකෝණාකාර අගුලක් තිබූ බව ප්‍රකාශ කරයි.තියුණු ලෝහ තලය ස්ථානගත කිරීම තුලින් බලාපොරොත්තු වී ඇත්තේ ඇය මළවුන්ගෙන් නැගිටීම වැලක්වීමට විය යුතු බවට අනුමාන කරයි.
නමුත් මේ පිලිබදව අදහස් දැක්වූ Torun හි Nicolas Copernicus විශ්ව විද්‍යාලයේ මධ්‍යතන යුගයේ භූමදානය පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය Dariusz Polinski පැවසුවේ, "මෙය ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් සඳහා වන සුසාන භූමියක් වන බවයි.එහිදී ඔහු කියා සිටියේ මෙම ස්ථානයේ  භූමිදානය කල මළ සිරුරු බලවේග, වෙනස් ලෙස හැසිරුණු මිනිසුන් වැන්නවුන්  භූමිදානය සදහා යොදාගත් ආකාරයක ලක්ෂණ පවතින බවයි.


වැඩි දුරටත් ඔහු සදහන් කලේ ජීවත්ව සිටින මිනිසුන්ට ආහාර ලබා දීම සඳහා දරුවා වාඩි වී මිනීවළෙන් පිටවීම වළක්වා ගැනීම සඳහා මුහුණ යට වළලන්නට ඇතැයි කියාය.
මෙය සිතාමතාම කල දෙයක් නම් ඔවුන් සමඟ සම්බන්ධ වීමට බිය වූ අය, ඔවුන් සපා කෑමට, ලේ පානය කිරීමට ඉඩ ඇති නිසා,එසේ සිදු කරන්නට ඇතැයි මහාචාර්ය පොලින්ස්කි පැවසීය.
දරුවන්ගේ  ඇටකටු, අවතාර, පිල්ලි සහ අනෙකුත් අද්භූත වස්තූන් මිනිසුන් මෙන් සැබෑ ලෙස සැලකූ යුගයක  සිට  අප පැවත එන නිසා එය එසේ වීමටද පිලිවෙනැයි පරියෙක්ෂකයෝ කියති.
භූමදානය කිරීමෙන් පසු යම් අවස්ථාවක දී, සොහොන අපවිත්‍ර කර ඇති අතර දරුවාගේ කකුල් හැර සියලුම අස්ථි ඉවත් කරන ලදී.
මෙහි ගල් සහිත සොහොනද විශාල ප්‍රමාණයක් තිබිණි.එය භූමදානය කිරීමෙන් පසු ජීවමාන මළවුන් නැගිටීම නැවැත්වීම සඳහා සිදු කෙරුවක් බව මහාචාර්ය පොලින්ස්කිගේ අදහසයි.