
ඔස්ට්‍රේලියානු කිමිදුම්කරුවන් පිරිසක් මුහුදේ කිමිදීමේදී තුවාල ලැබීමත් සමග චීන නාවික හමුදාව සෝනාර් ස්පන්දන භාවිතා කළ බවට චීනයට චෝදනා කර ඇත .
ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ මෙම සතිය මුලදී ජපානයට ඔබ්බෙන් වූ ස්ථානයකදී චීන යුද නෞකාවක්
මෙකී “අනාරක්ෂිත සහ වෘත්තීය නොවන” අත්දැකීම අත්විඳි බවයි.
කිමිදුම්කරුවන් එහි ධීවර දැල් ඉවත් කරමින් සිටියදී චීන යුද නෞකාවක් ඕස්ට්‍රේලියානු නෞකාවක් වෙත ළඟා වූ බව ඔහු පැවසීය.
අනතුරුව චීන නෞකාව අනතුරුදායක සෝනාර් ස්පන්දන නිකුත් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙය ඕස්ට්‍රේලියානු කිමිදුම්කරුවන්ගේ ආරක්ෂාවට අවදානමක් ඇති කර ඇති බව ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
මාර්ල්ස් මහතා පවසන්නේ චීනය ඇතුළු සියලුම රටවල් තම හමුදා වෘත්තීය ආරක්‍ෂිත ලෙස ක්‍රියාත්මක කරනු ඇති බව ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බවයි.
එසේම මේ වනවිට ඔස්ට්‍රේලියානු දිගු දුර යාත්‍රා නෞකාවක් වන HMAS Toowoomba සාමාන්‍ය සමුද්‍ර නාලිකා ඔස්සේ කිමිදුම් මෙහෙයුම් සිදු කිරීමට සහ ජාත්‍යන්තරව පිළිගත් සංඥා භාවිතා කිරීමට දන්වා ඇති බව එම නිවේදනයේ දැක්වේ
එහිදී චීන රජය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.
ලන්ඩන් හි පිහිටි කිමිදුම් වෛද්‍ය උපදේශක කමිටුවට අනුව, දිය යට ඇති අධික ශබ්දය කිමිදුම්කරුවන්ට "ක්ලාන්තය, ශ්‍රවණ ආබාධ හෝ වෙනත් තුවාල" ඇති කළ හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval