china-muslim-issue

චීනය පල්ලි වැසීම, විනාශ කිරීම සහ ප්‍රතිනිර්මාණය කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් (HRW) නව වාර්තාවකින් චෝදනා කරයි.



මෙසේ සිදු කරනු ලබන්නේ ක්‍රමානුකුලව චීනයේ ඉස්ලාම් ඇදහිලි,වත්පිළිවෙත් මර්දනය කිරීමට බව HRW පවසයි.

චීනයේ මිලියන 20 ක් පමණ මුස්ලිම්වරු සිටිති.

ඔවුන් බොහෝ විට  නිල වශයෙන් අදේවවාදී නමුත් ආගමික නිදහස ගනිමින් සිටින පිරිසකි.

චීනයේ බීජිං හි  වැඩි පාලනයක් අපේක්ෂාවෙන් මෑතක සිට  සංවිධානාත්මක ආගම් මර්දනය කිරීම වැඩි වී ඇත.

HRW වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර අදහස් දැක්වූ  හියුමන් රයිට්ස් වොච් හි වැඩබලන චීන අධ්‍යක්ෂ මායා වැන්ග් පවසන්නේ "චීන රජය විසින් මුස්ලිම් පල්ලි වැසීම, විනාශ කිරීම සහ ප්‍රතිනිර්මාණය කිරීම චීනයේ ඉස්ලාම් පිළිවෙත මැඩලීමේ පද්ධතිමය ප්‍රයත්නයක කොටසක් බවයි "

චීනයේ වයඹ දිග ෂින්ජියැන්ග් ප්‍රදේශයේ උයිගර් මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි වැඩිවෙමින් පවතින බවද ඔහු පවසයි.



නමුත් බෙයිජිං මෙම  චෝදනා ප්‍රතික්ෂේප කරයි.

චීනයේ බොහෝ මුස්ලිම්වරුන් ජීවත් වන්නේ සින්ජියැන්ග්, කිංහයි, ගන්සු සහ නින්ග්ෂියා ඇතුළු රටේ වයඹ දිශාවෙයි

HRW ට අනුව, Ningxia හි ස්වායත්ත ප්‍රදේශයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන Liaoqiao ගම්මානයේ, මුස්ලිම් පල්ලි හයෙන් තුනක ගෝලාකාර කොටස් සහ එහි තවත් කොටස් ඉවත් කර තිබේ.

එසේම සමහරක් ස්ථාන වල පවතින යාඥා ශාලාද විනාශ කර ඇති අතර සමහරක් ස්ථානයන් ප්‍රතිනිර්මාණය කරන්නටද ඔවුන් සමත්ව ඇත.ආසන්නතම උදාහරණය වන්නේ ලියාඕකියාඕ ගම්මානයේ මුස්ලිම් පල්ලියක වටකුරු ගෝලාකාරයක් 2018 ඔක්තෝබර් සහ 2020 ජනවාරි අතර කාලය තුළ චීන විලාසිතාවේ චෛත්‍යයක් ලෙසින්  ප්‍රතිස්ථාපනය කිරීමයි.

චීන මුස්ලිම්වරුන් පිළිබඳ විශාරද Hannah Theaker පවසන්නේ චීනය 2020 සිට Ningxia හි මුස්ලිම් පල්ලි 1,300 ක් පමණ වසා දමා හෝ ප්‍රතිනිර්මාණය  කර ඇති බවයි.එම සංඛ්‍යාව කලාපයේ මුළු මුස්ලිම් පල්ලිවලින් තුනෙන් එකක් නියෝජනය කරන බවද ඔහු පවසයි.

චීනයේ නායක ෂී ජින්පින්ග් යටතේ කොමියුනිස්ට් පක්ෂය ආගම සිය දේශපාලන මතවාදය සහ චීන සංස්කෘතිය එකිනෙකට සම්බන්ධ කිරීමට යන හැඩක් නිරුපණය වෙයි.

2018 දී, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මුස්ලිම් පල්ලි පාලනය සහ තහවුරු කිරීම ගැන සඳහන් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර තිබු අතර එහි සදහන් වූයේද "වැඩි වශයෙන් කඩා ඉවත් කර අඩුවෙන් ගොඩනඟන ලෙසත්, සමස්ත සංඛ්‍යාව අඩු  කිරීමට උත්සාහ කරන ලෙසත්ය." එසේම එම ලේඛනයට අනුව මුස්ලිම් පල්ලි ඉදිකිරීම, පිරිසැලසුම සහ අරමුදල් සැපයීම "දැඩි ලෙස නිරීක්ෂණය" කළ යුතු විය.

එවැනි මර්දනයක් ටිබෙටයේ සහ ෂින්ජියැන්ග්හි දීර්ඝ කාලීනව සහ දරුණු ලෙස පැතිරී තිබිණ.

චීනයේ ප්‍රධාන මුස්ලිම් ජනවර්ග දෙකක් ඇත. ඒ හූයිවරුන් සහ උයිගුර්වරුන් ය.හූයිවරුන් පැවත එන්නේ 8 වැනි සියවසේ ටැන්ග් රාජවංශ සමයේ චීනයට පැමිණි මුස්ලිම්වරුන්ගෙනි.උයිගුර්වරුන් වැඩි වශයෙන් ෂින්ජියැං හි වාසය කරයි

Australian Strategic Policy Institute හි වාර්තාවකට අනුව 2017 වසරේ සිට Xinjiang හි මුස්ලිම් පල්ලිවලින් තුනෙන් දෙකක් පමණ හානි වී හෝ විනාශ වී ඇත.

Xi Jinping ගේ පක්ෂය මේ වන විට මුස්ලිම් පල්ලි ඒකාබද්ධ කිරීම ගැන කතිකාවත ආරම්භ කර තිබුනද මේ පිලිබදව හූයි මුස්ලිම්වරු විශ්වාස කරන්නේ එය පක්ෂය කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය හරවා යැවීමේ උත්සාහයේ කොටසක් බවයි.

සමහර නිවැසියන් මෙම ප්‍රතිපත්තිවලට ප්‍රසිද්ධියේ විරුද්ධ වී ඇතත්, ඔවුන්ගේ ප්‍රතිරෝධය මෙතෙක් නිෂ්ඵල වී ඇත.මන්ද මේ ආකාරයට  වසර ගණනාවක් පුරා, පල්ලි වැසීම හෝ කඩා දැමීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ ඇති වූ ගැටුම්වලින් පසු බොහෝ දෙනෙක් සිරගත කර හෝ රඳවා තබා ඇත.



එක්සත් ජනපදය පදනම් කරගත් හුයි ක්‍රියාකාරිකයෙකු වන මා ජු පවසන්නේ මුස්ලිම් පල්ලිවලින් බාහිර අංග ඉවත් කිරීමෙන් පසු, පළාත් පාලන ආයතන විසින් ආගමික කටයුතු සඳහා වූ බ්ලූෂන් ශාලා සහ දේශක වේදිකාවන් වැනි  අත්‍යවශ්‍ය පහසුකම් ඉවත් කරනු ඇති බවයි.

ඔහු හියුමන් රයිට්ස් වොච් වාර්තාවටද සදහන් කරන්නේ මිනිසුන් පල්ලිවලට යාම නැවැත්වූ විට, බලධාරීන් මුස්ලිම් පල්ලි වැසීම නිදහසට කරුණක් ලෙස භාවිතා කරන බවයි.

HRW විසින් පෙන්වා දෙන ලද තවත් වීඩියෝවක දැක්වෙන්නේ, දකුණු Ningxia හි Liujiaguo මුස්ලිම් පල්ලියේ, එහි මිනාර දෙක සහ ගෝලාකාර ඉවත් කිරීමෙන් ටික කලකට පසු එය කඩා ඉවත් කරන ලද ශාලාවක් වන අයුරුයි.

එසේම Ningxia ප්‍රදේශය සමඟ දේශසීමාවක් බෙදා ගන්නා Gansu පළාතේ, පල්ලි වසා දැමීම, ඒකාබද්ධ කිරීම සහ වෙනස් කිරීම පිළිබඳ නිලධාරීන් වරින් වර නිවේදන නිකුත් කර ඇත.

2018 දී, බලධාරීන් විසින් මීට පෙර චීනයේ "පුංචි මක්කා" ලෙස හැඳින්වූ පළාතේ නගරයක් වන ලින්ක්සියා හි ආගමික කටයුතුවලට හෝ අධ්‍යාපනයට සහභාගී වීම අවුරුදු 16 ට අඩු බාල වයස්කරුවන්ට තහනම් කරන ලදී.

නමුත්  Hui මුස්ලිම්වරුන්ට බොහෝ ආකාරවලින් රාජ්‍යයේ සහයෝගය සහ දිරිගැන්වීම් ලැබී ඇති බව ආචාර්ය තීකර් පැවසීය.

මෙහිදී ලොව පුරා සිටින අරාබි සහ මුස්ලිම් නායකයින් "ප්‍රශ්න ඇසීම සහ උත්සුකයන් මතු කිරීම" කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් හි ආසියානු අධ්‍යක්ෂ ඉලේන් පියර්සන් පැවසීය.


කෙසේවෙතත් ඔහු පවසන්නේ අනෙකුත් වාර්ගික සහ ආගමික සුළුතරයන් ද ආණ්ඩුවේ ව්‍යාපාරයේ බලපෑමට ලක්ව ඇති බවයි

ඊට ආසන්නතම උදාහරණය නිල රාජ්‍යතාන්ත්‍රික ලේඛනවල "ටිබෙට්" භාවිතය වෙනුවට මැන්ඩරින් භාෂාවෙන් කලාපයේ නම වන "ෂිසාං" යාවත්කාලින කොට තිබීමයි.

.එසේම මේ වන විට  බලධාරීන් පල්ලිවලින් කුරුස ඉවත් කර, දේවගැතිවරුන් අත්අඩංගුවට ගෙන, අන්තර්ජාල වෙළඳසැල්වලින් බයිබල් ඉවත් කරමින් ඇත.