කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ කෝප් කමිටුවේ පැනනැගී ඇති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඒවා මගහැරගන්නා තුරු කෝප් කමිටුව රැස්වීමක් සිදු නොවනු ඇති බවයි.
ඊයේ (17) සිකුරාදා දහවල් කෝප් කමිටුව රැස්වන්නට නියමිතව තිබී එය අවලංගු කළ බවද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම රැස්වීම අවලංගු කළ බව පාර්ලිමේන්තුවට දන්වා තිබුනේ අහම්බෙන් විමසූ ප්‍රශ්නයක් නිසා වීම විශේෂිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කියා සිටියේ පස්වරු එකට කැඳවා ඇති කෝප් කමිටු රැස්වීමට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට සහභාගී වීමට නොහැකි බවකි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන එයට පිලිතුරක් ලෙස කියා සිටියේ කෝප් කාරක සභා රැස්වීම් කොහොමත් යොදාගත් වෙලාවේ නොපවත්වන බවත් නැවත දැනුම් දෙන තුරු නතර කර ඇති බවත්ය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ එය වෙනත් වේලාවක පවත්වන්නේද නැතිනම් නතර කර ඇතිද යන්න පහදන ලෙසයි.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ කෝප් කමිටුවේ පැනනැගී ඇති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඒවා මගහැරගන්නා තුරු කෝප් කමිටුව රැස්වීමක් සිදු නොවනු ඇති බවයි.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර චෝදනා රැසකට ලක්ව ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඊළග ප්‍රශ්න කිරීම සදහා වැඩබලන කෝප් සභාපතිවරයෙකු යටතේ සිදු කරන ලෙස විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ඉල්ලා තිබුණි.
කෝප් කමිටුවේ රැස්වීම්වාර අත්හිටුවීම නිසා මාස 03කට වරක් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකිවී යන අතර මෙලෙස තීරණයක් ගැනීමට කතානායක යොමුවීම දේශපාලන ක්ෂෙත්රයේ මතභේදයක් ඇති කර තිබේ.
0 Comments