ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කරනු ලැබූ අතුරුපාලක කමිටුවට එහි කටයුතු කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 07වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝග ඉවත් කරන්නැයි ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (13දා) අභියාචනාධිකරණයට මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා සත්‍ය කරුණු වසන් කොට අධිකරණය රවටන හා නොමග යවන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කරමින් පෙත්සම ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කරනු ලැබූ අතුරුපාලක කමිටුවේ කටයුතු කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශවල අසත්‍ය තොරතුරු ඇතුළත්ව ඇතැයි නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවල ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර ඇත.
පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම තුළ සත්‍ය කරුණු වසන් කර අධිකරණය නොමග යවන හා අධිකරණය රවටන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කර ඇති බවද සිය විරෝධතාවලින් පෙන්වාදුන් ක්‍රීඩා අමාත්‍යවරයා, මෙවැනි පෙත්සමක් ගොනු කිරීමට පෙත්සම්කාර ෂම්මි සිල්වා මහතාට කිසිදු නෛතික බලයක් නොමැති බවද පෙන්වා දුන්නේය. එසේ තිබියදී පටු අරමුණකින් සහ අයහපත් චේතනාවකින් කටයුතු කරමින් පෙත්සම්කාර ෂම්මි සිල්වා මෙම නඩුව ගොනු කර ඇති බවත්, අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් තමා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරුපාලක කමිටුව නීතිවිරෝධී බව පෙත්සම්කරු කර ඇති සඳහන ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා අමාත්‍යවරයා,
ක්‍රිකට් අතුරු පාලක කමිටුව තමා පත් කළේ ක්‍රීඩා නීතියට අනුකූලව බවද සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ සහ එහි නිලධාරීන් තුළ පවතින දූෂණය මුලිනුපුටා මූල්‍ය විනය, වගවීම හා විනිවිදභාවය ස්ථාපිත කිරීමේ අරමුණින් තමා ක්‍රියාත්මක වන බවත්, ද්වේශසහගතව සහ යටි අරමුණින් පෙත්සම්කාර ෂම්මි සිල්වා මෙම නඩුව ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය මූලික විරෝධතාවලින් ඉල්ලා සිටියි.
බුද්ධිමාල් රුබේරු
0 Comments