deniyaya-incident

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (16දා) පස්වරුවේ හිමිනමක් විසින් තියුණු ආයුදයකින් පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා කරාපිටිය රොහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලීසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි 37හැවිරිදි ධනුෂ්ක නමැති විවාහක කොස්තාපල්වරයකු බවත්,

ඔහුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් දෙනියාය රෝහලින් කරාපිටිය රෝහලට මරුකර ඇති බවත් පොලීසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා හිමිනමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ඊයේ පස්වරු 1.00 ට පමණ දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා ඉහත තරුණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සූක්ෂ්ම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩ පාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බවත් පොලීසිය පවසයි.



එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත්, බහිස්බස්වීම අතරතුර හිමිනම අත තිබූ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පහර එල්ල කර ඇති බවත් පොලීසිය පවසයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර, කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කරාපිටිය රෝහලට මාරුකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හිමිනම පිහියද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ (18) හැවිරිදි හිමිනමකි. දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක