රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රාදේශීය මට්ටමින් රජයේ රෝහල් හි ආරම්භ කළ සංකේත වැඩ වර්ජන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. රජය විසින් පනවා ඇති අසීමිත බදු ඉවත් කිරීම හා වෛද්‍යවරුන් විශාල පිරිසක් මෙරට රෝහල් සේවයෙන් ඉවත්ව විදේශ ගතවීමට බලපා ඇති ගැටලු වලට නිසි විසදුම් ලබාදීමට රජය පියවර නොගැනීම සම්බන්ධ ගැටලු මුල් කරගෙන මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කියා සිටියේ , රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණු අතර, සමස්ත සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සහ එහි උන්නතිය වෙනුවෙන් හා රට හැර යන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන්නට තීරණයක් ගෙන තිබුණි.
0 Comments