ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දුතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) අභියෝග කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට වඩා ශ්‍රී ලංකාවේ මිනිසුන් පිළිබඳව තම සේවාදායකයා දුක් වන බවත් උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගන් නැති බවත් කී ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටලු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගතයුතු අය අල්ලන්නේ නැතිව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කළ නිර්දෝෂි තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළේය.
මේ අතර සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සතියක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නියම කළාය.අදාළ වාර්තාව ලබාදීමට පමා කළහොත් එය හිතාමතාම විමර්ශන වලට බාධා කිරීමක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'ඉමියුනෝග් ග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින ඖෂධ ගෙන්වූ බව කියන 'අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්ෂක යාළේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් ලෙස ‘ඉමියුනෝග්ලෝබින් නමැති ඖෂධ වැව් 22,500ක් ඩොලර් 130ක් බැගින් දීමට සැකකාර ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගම ටෙන්ඩර් ඉදිරිපත් කර ඇතැයි කීවාය. සැකකරු එන්නත් කුප්පි 3,985ක් සපයා ඇතැයිද ඉන් එන්නත් කුප්පි 2985ක් භාවිතා කර ඇතැයිද අධිකරණ නියෝග මත තවත් කුප්පි 1000ක් තහනම් කර ඇතැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සැකකරු සපයා ඇති එන්නත් කුප්පි 2985න් 900ක් වෙනුවෙන් රජය ඔහුට රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් ගෙවා ඇතැයිද කීවාය.
ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අනුමැතිය දෙමින් නියාමන අධිකාරිය නිකුත් කළ යුතු ඩබ්ලිව්.ඕ ආර්. සහතිකය නොමැතිව රුපියල් හාරකෝටි හතලිස් ලක්ෂයකට අධික මුදල ගෙවා ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත අනුශාංගික ආයතනවල රජයේ නිලධාරීන් සමඟ එක්ව කුමන්ත්‍රණය කරමින් සැකකරු මෙම අපරාධය කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.
නීත්‍යනුකූල නොවන ක්‍රමවේද භාවිතා කරමින් ඔහු රජයේ මුදල් අවභාවිතා කර ඇති බව කී ලක්මිණි ගිරි භාගම මෙනෙවිය නිසි රිදි ටෙන්ඩර් පටිපාටිය සිදු වී නොමැති බැවින් ඊට සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගෙනඋසාවියට ඉදිරිපත් කිරීමේ වගකීම විමර්ශන නිලධාරීන් සතුවන්නේ යැයි ද කීවාය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් වශයෙන් ඖෂධ පිටරටකින් ගෙන්විය යුතු බවත් එම ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන බව සැකකරු දැනුම් දී නැති අතරම ඒ බවක් ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කර නැති බවත් එවැනි තත්වයක් තුළ සැකකරු රජයෙන් ලැබුණු රුපියල් හාරකෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබාගෙන අයුතු ලාභයක් උපයාගෙන ඇතැයි කී ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මනුස්ස ජීවිතයක මිල තීරණය වන්නේ කුප්පියක මිල මතදැයි ප්‍රශ්න කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මිලදී ගැනීම් යටතේ හදිසි වශයෙන් මෙම සැකකරු ඉදිරියට දමා ඖෂධ මිලදී ගැනීමට වෙනත් පිරිසක් කටයුතු කර ඇතැයිද ඔවුන් කවුරුන්ද යන්න ඉදිරි දිනයක අධිකරණයේදී හෙළි කරන්නේ යැයිද කී ලක්මිණී
ගිරිහාගම මෙනෙවිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් නොමැතිව ඖෂධ මිලදී ගෙන මුදල් වංචා කිරීමට පිරිසක් එක්ව කළ කුමන්ත්රණක් අනුව මෙම අපරාධය වී ඇතැයිද කීවාය.
එහි අවසන් පුරුක මෙම සැකකරු යැයි ද මෙම ඖෂධ සම්බන්ධයෙන් රසායනාගාර වාර්තාව ලැබුණු පසු මෙම අපරාධයට සම්බන්ධ සෙසු පිරිස සම්බන්ධයෙන්ද කටයුතු කරන්නේ යැයිද ඇය කීවාය.
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- මෙම ඖෂධය භාවිත කිරීමට අනුමැතිය අවශ්‍යයි නේද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත 2023-01-04 වැනිදා සැකකරු සමඟ ඇතිකරගත්ගිවිසුමකට අනුව මෙම ඖෂධය ගෙනැවිත් තියෙනවා.‛අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දුතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිටුපස අනිවාර්යයෙන්ම දූෂණ ක්‍රියාවක් ඇතැයිද කීවේය.
මෙම අපරාධය සැකකරුට තනියම කිරීමට හැකියාවක් නැතැයිද මේ පිටුපස අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඇතැයිද කී ඔහු මෙම එන්නත් මිලදී ගැනීම්වලට අත්සන් කර ඇත්තේ 'බබාලා' නොවන්නේ යැයිද කීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටිජනාධිපති නීතිඥ කාලිංග ඉන්දුතිස්ස මහතා කරුණු දක්වමින් - මෙම සිද්ධියේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව කීවේය. පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඉන්ද්‍රතිස්ස මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට වඩා ශ්‍රී ලංකාවේ මිනිසුන් පිළිබඳව සැකකරු දුක්වන බවත් උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගන්නේ නැති බවත් ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා පැවැසීය. ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටලු සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගතයුතු අය අල්ලන්නේ නැතිව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා හැකියාවක් ඇත්නම් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අධිකරණයට කැඳවන්නැයි ඉල්ලා සිටියේය.
තම සේවාදායකයා කිසිම අවස්ථාවක ව්‍යාජ ලේඛන සකස් කර නැතැයිද පොලිසිය කියන විධියට තම සේවාදායකයා එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ආනයනය කර ඇත්නම් ඒ පිළිබඳ සෙවිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිස අධිකරණය නොවන්නේ යැයිද කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසීය.
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය-
උසාවියට ඇති ගැටලුව වන්නේ ඖෂධයේ තත්වය
පරීක්ෂා කිරීමට මහජනතාව පාවිච්චි කළේ ඇයි? කියන එකයි.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා- මටත් තියෙන ප්රශ්නය ඒකමයි. එහි වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි.
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- මෙය සාමාන්‍ය පුද්ගලයන්ට කළ හැකි දෙයක් නෙමේ. මෙය සියලු දෙනා එක්ව කළ කටයුත්තක්.
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා-
අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය නොකළේ කාට වාසි සලසන්නද?
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඒ අනුව බලද්දි කුමන්ත්‍රණ සියල්ල එකට යනවා.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා-මං වතුර පුරවලා එන්නත් කියා දුන්නත් ගන්නවද? එය පරීක්ෂා කරලා ගන්න ඕනේ වෛද්‍ය සැපයුම් අංශයයි. මං සැපයූ එන්නත් බව 2800න් අසාත්මිකතා ඇතිවූයේ පුද්ගලයින් හතර දෙනකුටයි. ක්‍රමවේදයේ යම් ප්‍රශ්නයක් ඇති මා පිළිගන්නවා.නමුත් රහස් පොලිස් නිලධාරීන් මගේ සේවා දායකයාට කීවා මෙහි වරද බාරගත්තොත් තමන්ට වාසියක් වෙයි කියලා. සැකකරු ඉදිරිපත් කළ එන්නත් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට මේ වනතෙක් කිසිම වාර්තාවක් නැහැ උසාවිය කුමන අන්දමින්අධිකරණ මනස යෙද වුවත් මෙම අපරාධයට සම්බන්ධ දෙන්නා උසාවියට ගෙන එන්නේ නැහැ.
මහේස්ත්‍රාත් ලෝචහි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඒ අයගේ නම් මොනවද?
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දුතිස්ස මහතා- ඒ අයගේ නම් මේ හැමෝම දන්නවා. මං ඒ අයගේ නම් කියන්න යන්නේ නැහැ.
ඉදිරිපත් වූ වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලබන 29 වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළාය. මෙම සිද්ධියට සිද්ධියට අදාළ කුමන තරාතිරමක පුද්ගලයකු පුද්ගලයකු වුවත් නොපමාව විමර්ශන කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරුන් වන යාළේවත්ත, ලක්සිරි, සැරයන්වරුන් වන ප්‍රනාන්දු සහ මනෝජ් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.‛අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් නීතිඥවරුන් වන ධර්මතිලක ගමගේ, කවිඳු ඉන්ද්‍රතිස්ස, අචල බස්නායක, මයිකල් රුද්‍රිගු සහ කණිෂ්ක උඩුවැල්ල යන මහත්වරුන්ස මග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමග ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනීසිටියේය.
මනෝප්රිය ගුණසේකර
0 Comments