england-netherland-world-cup

ලෝක කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ පුනේහිදී අද පැවති තරගයකින් නෙදර්ලන්තය පරදා එංගලන්තය ජයග්‍රහණය කළේය.
කාසියේ වාසිය දිනා මුලින් පහරදුන් එංගලන්තය ඕවර 50 කදී කඩුලු 9ට 339 රැස් කළ අතර නෙදර්ලන්තයට ලකුණු 179 ක් පමණක් ලබාගත හැකිවූයේ ඕවර 37,2 දී සියල්ලන් දැවී යමිනි.
ඒ අනුව ලෝකකුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණය අත්කරගන්නට ගියවර ලෝක ශූර එංගලන්ත පිලට හැකිවිය.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකාව එංගලන්තය බංග්ලාදේශය හා නෙදර්ලන්තය ලෝකකුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවන අය අතරට එක්ව හමාරය.


අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රෙලියාව තේරී ඇති අතර 4 වන තරගකරු ලෙස පකිස්තානය,ඇෆ්ගනිස්ථානය හා නවසීලන්තය යන රටවල් 3 න් 1 ක් ඉදිරි දින දෙක තුළ තේරී පත්වනු ඇත, නවසීලන්තයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සමග බ්‍රහස්පතින්දා (9) දිනයේත් පකිස්තානයේ අවසන් තරගය එංගලන්තය සමග සිකුරාදා (10) ත් ඇෆ්ගනිස්තානයේ අවසන් තරගය දකුනු අප්‍රිකාව සමග සෙනසුරාදා (11) ත් පැවැත්වේ.