fake-cid-police-arrested

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ලෙස පෙනී සිටි­මින් පුද්ග­ල­යකු බිය ගන්වා මුදල් ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් පොලිස් බුද්ධි අංශයේ සැර­ය­න්ව­ර­යකු සහ කොස්තා­ප­ල්ව­ර­යකු අම්පාර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම නිල­ධා­රීන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගැනී­මට විම­ර්ශ­න­යක් ආරම්භ කිරී­මත් සමඟ ඔවුන් පසු­ගිය 17 වෙනිදා පැමිණ භාර වීමෙන් පසු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම සැක­කාර පොලිස් නිල­ධා­රීන් දෙදෙනා සම­න්තුරේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ ග­ත ­කර ඇත. එදි­නට හඳුනා ගැනීමේ පෙර­ට්ටු­ව­කට නිල­ධා­රීන් යොමු කිරී­මට නිය­මි­තව ඇත.


මෙම නිල­ධා­රීන් දෙදෙනා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ලෙස පෙනී සිටි­මින් පුද්ග­ල­යකු බිය ගන්වා මුදල් ලබා­ගෙන ඇත්තේ පසු­ගිය ජුලි 07 වෙනි­දාය. රුපි­යල් 30,000ක මුද­ලක් ඉල්ලා රුපි­යල් 20,000ක මුද­ලක් එම පුද්ග­ල­යා­ගෙන් ලබා­ගෙන ඇති බව සඳ­හන්ය.

මේ සම්බ­න්ධ­යෙන් එම පුද්ග­ලයා විසින් කළ පැමි­ණි­ල්ල­කට අනුව අම්පාර කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­ර­යාගේ උප­දෙස් මත කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය විසින් විම­ර්ශන ආරම්භ කර ඇත.


බුද්ධි නිල­ධා­රීන් දෙදෙනා බුද්ධි අංශ­යෙන් මේ වන විට ඉව­ත් කර ඇති අතර සැර­ය­න්ව­රයා මාතලේ කොට්ඨා­ස­ටත් කොස්තා­ප­ල්ව­රයා බදුල්ල කොට්ඨා­ස­ය­ටත් සාමාන්‍ය රාජ­කාරි සඳහා යොදවා තිබී ඇතැයි ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

ගයාන් කුමාර වීර­සිංහ