fake-stamps-story

තැපැල් මුද්දරවලට සමාන ව්‍යාජ මුද්දර පරිගණකයක් ආධාරයෙන් වංචනික ලෙස මුද්‍රණය කර ලියාපදිංචි ලිපි කවර මත අලවා එම ලිපි බෙදා හැරීම සදහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට බාර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ නියෝජිත තැපැල් කාරියාලයක හිමිකරුවකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුදුකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර අරලිය නියෝජිත තැපැල් කාර්යාලයේ අයිතිකරු වන මිලින් ද නිලංගත සෙනෙවිරත්න නමැත්තෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන වල මෙහෙයවා එම විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ ත

ැපැල් දෙපාර්තමේන්තුවට අයත් නීත්‍යානුකූල මුද්දර වලට සමාන සැක සහිත මුද්දර ඇලවූ එච්.එම්.බී. ෆයිනෑන්ස් ආයතනයට යොමු කරන ලද ලියාපදිංචි ලිපියක් අනුරාධපුර අරලිය නියෝජිත තැපැල් කාර්යාලය මගින් බෙදා හැරීම සඳහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට බාර දී ඇති බවයි.

පසුව එම ලිපිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි ඩබ්ලිව්.ජී.ආර් ජයරත්න මහතා අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක්  කර ඇති බව ද අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඒ අනුව පැමිණිල්ල පිළිබඳව මූලික විමර්ශන මෙහෙව අනුරාධපුර අරලිය නියෝජිත තැපැල් කාර්යාලයේ අයිතිකරු අත්අඩංගුවට ගත් බව ද පැවසීය.සැකකාර නියෝජිත තැපැල් කාර්යාල අයිතිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වල දී ඔහු පොලිසියට පැවසුවේ පවතින ආර්ථික දුෂ්කරතා නිසා මෙලෙස පරිගණකයක් ආධාරයෙන්තැපැල් මුද්දර වලට සමාන ව්‍යාජ මුද්දර මුද්‍රණය කර එම මුද්දර ලිපි මත අලවා බෙදා

හැරීම සඳහා අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයට බාර දුන් බව යැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.සැකකරු කලක සිට පරිගණකයක් ආධාරයෙන් මෙලෙස ව්‍යාජ මුද්දර මුද්‍රණය කර ලිපි මත අලවා බෙදා හැර ඇති බවට

සැකයක් ඇතැයි ද යැයිද අධිකරණයට ප්‍රකාශ කළ පොලිසිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බව ද කීවේය. සැකකරු රිමාන්ඩ් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු කොන්දේසියක් මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු මේ මස 23 වන දින දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.අනුරාධපුර ප්‍රාදේශීය තැපැල් අධිකට් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකාර නියෝජිත තැපල් කාර්යාල අයිතිකරු අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 248 සහ 249 සහ 252 සහ 457 සහ 459 වගන්ති යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

  උපාලි ආනන්ද