fox-ceo-ukraine

ඇමරිකාවේ ප්‍රබල මාධ්‍ය ජාලයක් වන Fox Corp ප්‍රධාන විධායක Lachlan Murdoch යුක්රේන අගනුවරදී Volodymyr Zelenskiy හමුවී ඇති අතර, ඒ සම්බන්ධව අදහස් දක්වමින් Kyiv පැවසුවේ යුද්ධයෙන් ගෝලීය මාධ්‍ය අවධානය යොමු වී ඇති අවස්ථාවක සිදු වූ මෙම හමුව සහයෝගයේ “ඉතා වැදගත් සංඥාවක්” වන බවයි.

පසුගිය සතියේ  Fox News වෙතින් Benjamin Hall සහ UK ටැබ්ලොයිඩ් Sun වෙතින් Jerome Starkey යන වාර්තාකරුවන් දෙදෙනා වැඩ භාරගත්තේය.

Hall යුක්රේනයේ දී යුද්ධය ආවරණය කරමින් සිටියදී රුසියානු බෝම්බ වලින් දරුණු ලෙස තුවාල ලැබූ අතර,  ඔහු සමග සිටි කැමරා ශිල්පී Pierre Zakrzewski සහ Ukrainian fixer Oleksandra Kuvshynova මිය ගියහ.

Hall ට ඔහුගේ දකුණු පාදය දණහිසට පහළින් අහිමි වීම, ඔහුගේ වම් පාදයේ වැඩි ප්‍රමාණයක් පිළිස්සීම, වම් ඇසේ පෙනීම නැති වීම , වම් මාපටැඟිල්ල පිපිරී යෑම, සිරුරේ වැඩි ප්‍රමාණයක් පිළිස්සීම වැනි ඛේදනීය තත්වයකට මුහුණ දීමට සිදු විය.



Zelenskiy පැවසුවේ මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන්, සංස්කාරකවරුන්, ඡායාරූප ශිල්පීන් සහ රියදුරන් යුද්ධයේ දී ඉදිරි පෙළේ සිටින බවයි.

“විශේෂයෙන්ම ලෝකයෙන් අපට එවැනි සහයෝගයක් ලැබීම සම්බන්ධව බොහෝ රටවල මාධ්‍යවේදීන්ට ස්තූතිවන්ත වන බව ,” Zelenskiy යුක්‍රේන ජනාධිපති වෙබ් අඩවි ලිපියක පැවසීය .

Zelenskiy මේ මාසයේ Murdoch ගේ අවධානයට ලක් වූ තවත් ගෝලීය ගැටුමක් වන ඊශ්‍රායල- ගාසා  යුද්ධය ගැන ද සඳහන් කරන බව පෙනේ .

මාසය මුලදී Murdoch නිව්ස් කෝප් විසින් ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් සහ කතුවරුන්ගෙන් ඉල්ලා සිටියේ " ඔක්තෝබර් 7  වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ භයංකර ත්‍රස්ත ප්‍රහාරය වැනි දුක්ඛිත සිදුවීම්" ආමන්ත්‍රණය කිරීමට නිර්භීත වන ලෙසයි .

යුක්රේනයේ යුද්ධය කෙරෙහි ලෝකයේ අවධානය යොමු කර තබා ගැනීම ඉතා වැදගත් බව Zelenskiy පැවසීය.



“අපට හෝ අපගේ රණශූරයන්ට මෙය චිත්‍රපටයක් නෙවෙයි. මේවා අපේ ජීවිත. මේ යුද්ධය අප කැමති තරම් ඉක්මනින් අවසන් නොවනු ඇත, නමුත් අපට අත්හැරීමට අයිතියක් නැහැ.”  යනුවෙන් ඔහු පැවසීය.
Murdoch සහ Zelenskiy යන මහත්වරුන් Mykhailivska චතුරශ්‍රයට ගොස් යුක්රේනයේ මියගිය ආරක්ෂකයින්ගේ අනුස්මරණ පවුරට මල් තැබූහ.

මෙම හමුවේදී සටන් කලාපයේ තත්ත්වය සහ කළු මුහුදේ යුක්රේනයේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි. ශීත සෘතුව ආරම්භයත් සමඟ රුසියාවෙන් එල්ල වන ගුවන් සහ මිසයිල තර්ජන සහ යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මාර්තු මස අවසානයේ ඔත්තු බැලීමේ චෝදනා මත රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ Wall Street Journal වාර්තාකරු Evan Gershkovich නිදහස් කර ගැනීමට News Corp දැඩි උත්සාහයක යෙදී සිටී . ඔහු මොස්කව් හි කුප්‍රකට ලෙෆෝටෝවෝ බන්ධනාගාරයේ රඳවා සිටින අතර වරදකරු වුවහොත් ඔහුට වසර 20ක සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇත.

Murdoch මාර්තු මාසයේදී සූම් හරහා ජනාධිපතිවරයා සහ අනෙකුත් යුක්‍රේන රජයේ නිලධාරීන් හමුවූ බව වාර්තා වන බැවින් Murdoch හා Zelenskiy  කතා කළ පළමු අවස්ථාව මෙය නොවේ.