fuel-price-changes

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ,  LIOC හා සයිනොපෙක් ඉන්ධන මිල සමාන ගණන් වලින් සංශෝධනය කර තිබේ.


පෙට්‍රල් 92 – රුපියල් 10 කින් , ඔටෝ ඩීසල් – රුපියල් 27 කින් , භූමිතෙල් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර,
පෙට්‍රල් 95 – රුපියල් 3 කින් හා සුපිරි ඩීසල් රුපියල් 3 කින් ඉහළ දමා තිබේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 03 බැගින් ඉහළ දමා ඇත.

එම මිල ඉහළ දැමීම් අනුව මෙතෙක් රුපියල් 423ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426ක් දක්වාත් මෙතෙක් රුපියල් 431ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434ක් දක්වාත් ඉහළ දමා තිබේ.



මේ අතර සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින්ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින්ද මිල පහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 329කටත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346කටත් නව මිල ගණන් යටතේ අලෙවි වේ.
එමෙන්ම භූමිතෙල් ලීටරයක් මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 247කි.