galewela-accident-death

විවාහ උත්ස­ව­ය­කට සහ­භාගි වීමට යමින් සිටි පිරි­සක් ගමන් කර­මින් තිබුණු ත්‍රිරෝද රථ­යක් ගලේ­වෙල නගර මධ්‍ය­යේදී තාර ප්‍රවා­හ­නය කරන බවු­ස­ර­යක ගැටී­මෙන් පෙරේදා (23) සිදු වූ රිය අන­තු­ර­කින් තරු­ණි­යක මිය­ගොස් ඇගේ සහෝ­ද­රිය සහ මවු­පි­යන් තුවාල ලබා දඹුල්ල හා ගලේ­වෙල රෝහ­ල්ව­ලට ඇතු­ළත් කර ඇත.



මෙසේ අන­තු­රට ලක්ව ඇත්තේ දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය, සිරි­පුර ප්‍රදේ­ශයේ සිට කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ පදිංචි පිරි­සක් බව ගලේ­වෙල පොලි­සිය කියයි. අන­තු­රින් මිය­ගොස් ඇත්තේ එස්.එච්. ලෝචනා කාව්‍යාං­ජලි නමැති තරු­ණි­යකි. ඇයගේ 20 වැනි උපන් දිනය යෙදී තිබී ඇත්තේ අද (25) දින­ටය.

ත්‍රිරෝද රථ ගමන් කර­මින් තිබී ඇත්තේ කුරු­ණෑ­ගල දෙස­ටය. ගලේ­වෙල නග­රයේ ප්‍රධාන මාර්ගයේ අසල කැබ් රථ­යක් නවතා තිබී­මත් සමඟ එම ගැබ් කැබ් රථ­යට ඉස්සර කොට ‍ත්‍රිරෝද රථය ධාව­නය කිරී­මට උත්සාහ කිරී­මේදී පිටු­ප­සින් පැමිණි තාර ප්‍රවා­හ­නය කරන බවු­ස­රයේ ත්‍රිරෝද රථ­යක ගැටී ඇතැයි පොලි­සිය කියයි. අන­තුර සිදු වන­වාත් සමඟ ත්‍රිරෝද රථයේ වාඩි වී සිටී තරු­ණිය ඉව­තට විසි වී ටිපර් රථ­යට යට වී තිබේ. රථයේ සිටි සෙසු තිදෙනා එම ස්ථාන­යේම වැටී තුවාල ලබා ඇත. ඒ අයව ප්‍රදේ­ශ­වා­සීන් ගලේ­වෙල රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු දිය­ණිය සහ මව දඹුල්ල රෝහ­ලට මාරු කර එවා ඇතැයි පොලි­සිය කියයි.



මේ අන­තුර සම්බ­න්ධ­යෙන් මාර්ගයේ නවතා තිබූ කැබ් රථයේ රියැ­දුරු මෙන්ම තාර පිරවූ බවු­ස­රයේ රිය­දුරු අත්අ­ඩං­ගු­වට ගත් බව ගලේ­වෙල පොලි­සිය කියයි.

මිය­ගිය තරු­ණි­යගේ පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු ගලේ­වෙල රෝහ­ලේදී සිදු කිරී­මට නිය­මි­තව තිබිණි.