
දි අයිලන්ඩ් හා සන්ඩේ අයිලන්ඩ් පුවත්පත්වල කර්තෘ ධුරය දැරූ කෘතහස්ථ මාධ්‍යවේදියකු වූ ගාමිණී වීරකෝන් මහතා අභාවප්‍රාප්ත විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබු ඔහු 1960 ගණන් මැද භාගයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳුණි. ඔහු ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරුවේ ප්‍රකට මාධ්‍යවේදී ඩෙන්සිල් පීරිස් මහතා කර්තෘ ධුරය දරන සමයේ ය.
උපාලි විජයවර්ධන මහතා අයිලන්ඩ් පුවත්පත ආරම්භ කළ විට ඔහු උපාලි පුවත්පත් සමාගමේ සේවයට බැදුණි. එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ වීරකෝන් මහතා පසුව කර්තෘ ධුරයට පත් විය.
උපාලි පුවත්පත් සමාගමෙන් ඉවත් වූ පසු හෙතෙම සන්ඩේ ලීඩර් පුවත්පතේ උපදේශක කර්තෘ ධුරයට පත් විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (12දා) බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval