gampola-incident

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ එහි සේවකයෙකු මියගොස් සිටියදී සොයාගත් බව ගම්පොළ පොලීසිය සදහන් කරයි.
කලාප කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කළ චන්දිමාල් ගුරුගේ (44) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙදරු පියකු වූ ඔහු ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෙරේදා (13දා) රාජකාරී සඳහා පැමිණ සිටි මොහු පෙරවරු 10 පමණ සිට කිසිවකුත් දැක නොමැති නිසා වරින් වර කිහිපදෙනෙකු මොහු සොයා තිබූ බව පොලීසිය පවසයි.

අනතුරුව ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දුන්නද ඒ සඳහා ද කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ උපදෙස් මත මොහු සෙවීම ආරම්භ කර තිබිණි.ඒ අනුව පිරිසක් පස්වරු 4ට පමණ කාර්යාලය ඇතුළේ තිබෙන වැසිකිළියේ දොර හැර බලන විට ඒ තුළම මොහු බිම වැටී මියගොස් සිටි බව දැක තිබේ. පසුව මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබිණි.ගම්පොළ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කලාප කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙස සේවය කළ දෙවුන්දර පල්ලියගුරුගේ චන්දිමාල් ගුරුගේ නමැති 44 හැවිරිදි අයෙකි.


දෙදරු පියකු වූ ඔහු ගම්පොළ රත්මල් ල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගම්පොල ස්ථානීය විශේෂ අපරාධ ඒකකය ( සොකෝ) හා ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කොට රාත්‍රියේදීම සිරුර ගම්පොල රෝහල වෙත රැගෙන යන ලදි. මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කිරීමට නියමිත තිබුණි.
මිය ගිය චනදිමාල් ගුරුගේ හට කුඩා ගැහැණු දරුවන් දෙදෙනකු සිටින අතර බිරිඳ කලාප කාර්යාලය වෙත පැමිණ පොලිසිය වෙත හා මරණ පරීක්ෂකවරයා වෙත කට උත්තරයක් ලබා දෙමින් පැවසුවේ සැමියාට පසුගිය දිනවල දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ප්‍රතිකාර ගෙන පසුව නතර කළ බවයි. වෙනත් රෝගයක් නොමැති බවත් ඇය පැවසුවාය.

ගම්පොල පොලිසිය පරීක්ෂණ පැවැත්වූහ.

(සුරංග දිල්හාන්)