2024 අය වැය කතාව හැඳින්වීම 12- සිට 12.30 දක්වා පැවැත්විණි.
12.30 සිට අයවැය යෝජනා ආරම්භවූ අතර මුලින්ම කියා සිටියේ වැටුප් වැඩිකිරීම ගැනයි.
මිලියන 1.3 ක් පමණ වෙන රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව 7800 ජනවාරියේ සිට 17800 ක් දක්වා වැඩි කරන බව ජනපති කීය.
“වර්ෂයේ ආදායම් ගැටලුවක් පවතින නිසා එය වැටුපට එකතු කරන්න අපට සිදු වන්නේ අප්‍රේල් මාසයේ සිටයි ජනවාරි සිට මාර්තු දක්වා හිගය ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් ලබාදීමට හැකියි“ ජනපති කීය.
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් හත් ලක්ෂ තිස් දාහකට දැනට ලැබෙන රුපියල් 3521 මාසික ජීවන වියදම 6021 දක්වා 2500 කින් වැඩි කර ඇත.එයද අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත. වැඩිහිටි දීමනාව 1000 කින් ඉහළ දමා ඇත..
වකුගඩු රෝගී දිමනාව රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර ආපදා ණය ලබාගැනීමට රජයේ සේවකයින්ට යළි අවස්ථාව සලසා ඇත.
0 Comments