මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සකස් කිරීමේදී දිස්ත්‍රික් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයිනෙන් ප්‍රථමයා හෝ දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා ලෙස සිසුන්ට අනන්‍යතාවයක් නොලැබේ.
මින් ඉහත අකිල විරාජ් ඇමති සමයේ ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගකාරීත්වයෙන් ළමා මනස මුදවා ගැනීමට ‘වෙනියන්‘ නම් කිරීම හා විශේෂතා දැක්වීම අත්හිටුවන ලදි.
කුඩා කාලයේම තරග විභාගයකට සූදානම් කිරීමේ අනවශ්‍ය උනන්දුව නිසා දරුවන්ගේ මනසට අසාමාන්‍ය හිරිහැරයක් මතුවන බව පෙන්නුම් කළෙන් ශිෂ්‍යත්ව විභාගයද අහෝසි කරන්නට ඒ සමයේ නිර්දේශ වූවද ක්‍රියාත්මක නොවීය.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 332,949ක් පෙනී සිටි අතර ඉන් 50,664 දෙනෙකු කඩයිම් ලකුණු අභිබවා තිබෙයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි.
0 Comments