grade-5-exam-top-results

මෙවර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ හෝ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන ගණනය ප්‍රසිද්ධ කර තිබුනේ නැති අතර විභාග දෙපාර්තමේන්තුව එවැනි දත්ත මාධ්‍ය වෙත ලබාදුන්නේද නැත. කෙසේ වෙතත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තා මගින් විවිධ ප්‍රදේශවලින් වැඩිම ලකුණුගත් ශීෂ්‍යත්ව සමතුන් ගැන තොරතුරු වාර්තා කර තිබේ. අද (17) සවස වනවිට ලකුණු 198 ප්‍රතිඵලය ලද 4 දෙනෙකු ගැන තොරතුරු වාර්තාවේ.


ඒ අය ගම්පහින් දෙන්නෙකු,බන්ඩාරගමින් එක් අයකු හා බදුල්ලෙන් එක් අයකු ලෙසිනි.

 ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචි ගම්පහ ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ සහ ගම්පහ , හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු  198 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
මීට අමතරව බණ්ඩාරගම මස්විල ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරගම අලුබෝමුල්ල මහබෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා  ලකුණු 198 ක් ලබාගෙන තිබේ.
බදුල්ල ස්ප්‍රීංවැලි පාරේ පදිංචි බදුල්ල විහාරමහාදේවී බාලිකා විදුහලේ ඩබ්ලිව් .එම්.දුලිනි සංදිනි ටද 198 ක් ලැබී තිබේ.