igp-deshabandu-tennakoon

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි.
පොලිස්පති සිඩී වික්‍රමරත්න මහතා අවස්ථා 3 ක් පමණ සේවා දිගු ලබමින් වැඩබලන පොලිස්පති ධූරයට පත් කළ පසුව නැවත සේවා දිගුවක් ලබා නොදීමට ජනපතිට බැරිව ගියේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායක සභාව අතර මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වීම මතය.


පොලිස්පති ධුරය සඳහා  සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තියුණු තරගයකින් පසු
දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනපතිවරයාගේ අකමැත්තෙන් වුවද පත්කරන්නට සිදුව ඇතැයි දේශපාලන ආරංචි ඊයේ සිට වාර්තා කර තිබුණි.

මේ අතර පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අද ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි.



පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.
අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේදී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3කට සීමාවෙයි.