imran-khan-advicer-acid-uk

සිරගත කර සිටින පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකයෙකු පවසන්නේ ඔහු බ්‍රිතාන්‍යයේ පිහිටි ඔහුගේ නිවසින් පිටතදී ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරු වූ බවයි.

Mirza Shahzad Akbar [Mirza Shahzad Akbar යනු ඉම්රාන් ඛාන්ගේ උපදේශකවරයා ලෙස සේවය කළ පාකිස්තාන දේශපාලනඥයෙක් සහ නීතිඥයෙකි.]ඔහු සදහන් කලේ  ප්‍රහාරයට යොදාගත් රසායනික ද්‍රව්‍ය ඔහුගේ දෑස් මතට නොවැටුන නමුත් ඔහුගේ සිරුරේ තුවාල ඇති වීමට එය බලපෑ බවයි.

මේ වන විටත් ඊට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විමර්ශන කටයුතු දිගටම  සිදුකරන බව පොලිසිය පවසා ඇත.

 Akbar මහතා පසුගිය වසරේ ධූරයෙන් ඉවත් කරන ලද අතර දේශපාලනිකව බොහෝ චෝදනා මත ඔහු පැටවී ඇත.නමුත් පාකිස්තාන බලධාරීන් මෙය ප්‍රතික්ෂේප කරයි.

කලින් ට්විටර් හි X හි උර්දු බසින් සටහනක් තබමින් අක්බාර් පැවසුවේ "ප්‍රහාරකයා ඔහුට  ඇසිඩ් ද්‍රාවණයක් විසි කර පලා ගිය" බවයි.

එසේම මේ කරන අයට මම බය වෙන්නේවත් නැමෙන්නේවත් නැහැ,යනුවෙන්  ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් තවත් සටහනක සඳහන් කර තිබිණ.

කෙසේනමුත් ඔහු බීබීසීයට පැවසුවේ තම පවුල සමඟ පකිස්ථානයෙන් පලා ගිය දා සිට තමාට එක්සත් රාජධානියේදී තර්ජන රාශියක් ලැබී ඇති බවයි.

ඉහත තර්ජනවලම  කොටසක් ලෙස මෙම ඇසිඩ් ප්‍රහාරය පිලිබදව සදහන් කරන ඔහු ,මෙයට  වගකිවයුත්තේ කවුරුන්දැයි යන්න තමා නොදන්නා බවද පවසයි.

මෙම රසායනිකය හේතුවෙන් ඔහුගේ අත්වල සහ හිස මුදුනේ තුවාල සිදු වූ නමුත් ඔහුගේ ඇස් වලට හානියක් නොමැති බව අක්බාර් මහතා පවසා ඇත.



හර්ට්ෆර්ඩ්ෂයර් පොලිසිය පැවසුවේ ඉරිදා දහවල් පහරදීමක් පිළිබඳ වාර්තා සඳහා නිලධාරීන් කැඳවා ඇති අතර එහිදී "ඒ සදහා ආම්ලික ද්‍රාවණයක් භාවිතා කර ඇතැයි විශ්වාස කෙරේ යනුවෙන් ය.එසේම එම වාර්තා වලින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර දැන් පිටව ගොස් ඇති බවත් , එය හුදකලා සිදුවීමක් බවට ඔවුන් විශ්වාස කරන බවත් ය.

පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පවසන ඔවුන්  සාක්ෂිකරුවන්ට හෝ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඔවුන් සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.



අක්බර් මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් බීබීසීය ප්‍රහාරය එල්ල වූ බව කියන සම්පූර්ණ,පැහැදිලි  ස්ථානය ප්‍රකාශයට පත් කොට නැත.

අක්බාර් මහතා විසින්  2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉවත් කරන ලද ඛාන්ගේ රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරණ ලදී.

කෙසේනමුත් හිටපු ක්‍රිකට් තරුවක් බවට පත් වූ දේශපාලනඥයෙකු වන ඛාන් මහතා මේ වන විට චෝදනා රැසකට මුහුණ දෙමින් පකිස්ථානයේ සිරගතව සිටියි.

ඔහුගේ නීතීඥයින් පවසන්නේ ඔහුට එරෙහිව රාජ්‍ය රහස් හෙළි කිරීම සහ ප්‍රචණ්ඩ විරෝධතා සංවිධානය කිරීම ඇතුළු බොහොමයක් චෝදනා එල්ලවී ඇති බවයි.