india-south-africa

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයේදී දකුණු අප්‍රිකාවට ඉන්දියාව දරුණු පරාජයක් අත්කරදුන්නේය.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව නායකයා සමග ඉනිම ආරම්භ කළේ ශුබ්මන් ගිල්.
ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 62ක සබදතාවයක් එක් කළේ ය.
රෝහිත් ශර්මා ලකුණු 40කට දැවී ගියේ කගීසෝ රබාඩාගේ පන්දුවක් හමුවේයි.
තුන්වැනි කඩුල්ලට එක්වූ විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් ලකුණු 134ක සබදතාවයක් එක් කළේ ය.
ශ්‍රෙයාස් අයියර් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ශ්‍රෙයාස් ලකුණු 77යි.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි අද එක්දින පිටියේ 49වැනි ශතකය රැස් කළේ ය.
ඒ සමගින් සුපිරි ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පිහිටුවා තිබූ වැඩිම ශතකලාභියාගේ වාර්තාව සම කිරීමට විරාත් කෝලි සමත් විය.


සචින් තෙන්ඩුල්කාර් ඉනිම් 452කදී ශතක 49ක සම්පූර්ණ කළ අතර විරාත් කෝලිට එම දක්ෂතාවය දැක්වීමට වැය වූයේ ඉනිම් 277ක් පමණයි.
ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 326ක් ලකුණු පුවරුවක් ගොඩනැගුවා.
දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ තරගාවලියේ සාර්ථකම පිතිකරුවෙක් වූ ක්වින්ටන් ඩි කොක් සහ නායක ටෙම්බා බවුමා.
මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ ක්වින්ටන් ඩි කොක් ලකුණු 5කට දැවී ගියා.
එතැන් සිට රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් ශාමි සහ කුල්දීප් යාදෙව් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා ඉනිමේ කඩුළු එක පෙළට දැවී ගියා.
තරගාවලිය තුළ ප්‍රබලතම පිතිකරු ලැයිස්තුව හිමි දකුණු අප්‍රිකා කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙක්ට අද ලකුණු 20 සීමාව පසු කිරීමට හැකිවූයේ නැහැ.
රවීන්ද්‍ර ජඩේජා ලකුණු 33ට කඩුළු 5ක් බිද හෙළුවා.
දකුණු අප්‍රිකාව පන්දුවාර 27යි පන්දුවක් තුළ ලකුනු 83කට සියලු දෙනා දැවී ගියා.
එය වාර්තා අතරට එක්වුණේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම් ද්විත්වයම මේ වන විට තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන තහවුරු කරගෙන අවසන් ය.