india-world-cup-final

ඉන්දියාව සහ ඕස්ට්‍රෙලියාව අතර අද දින පවත්වන්නට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය සඳහා ඉන්දියානුවන් සුවිශේෂ ලෙස සූදානම වන අයුරු අන්තර්ජාලයේ විස්තර වාර්තා මගින් හඳුනාගන්නට ලැබේ.
දුම්රිය ස්ථාන වැනි පොදු ස්තාන වල විශාල වශයෙන් ඉන්දීය පිලට සහය පළ කරන අය ඉන්දීය ක්‍රිකට් නිල පැහැයෙන් සැරසී ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටී. ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් රාත්‍රී කාලයේ ලෝක කුසලාන ප්‍රවර්ධන රථද වීදි පුරා සැරිසැරූ බව සැල විය.


මේ අතර අද දින ඉන්දීය කන්ඩායම ක්‍රීඩා පිටිය වෙත බස් රථයෙන් පැමිණෙද්දී අසීමිත ලෙස පිරිස් ඒ වටා රොක්වී ඔල්වරසන් හඩ නගනු වාර්තා විය. පිටිය තුළ සල්මන් කාන් හා කත්‍රිනා කයිෆ් විස්තර ප්‍රචාරයට එක්වූයේ ඔවුන්ගේ නවතම චිත්‍රපටය ටයිගර් 3 ගැන ප්‍රවර්ධනයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීමේ අරමුණෙනි.
මේ අතර ප්‍රකට ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ගේ දියනිය සාරාද ක්‍රීඩා පිටිය ඉදිරිපස සිට ප්‍රේක්ෂකයින් උනන්දු කරමින් ඡායාරූප පළ කරන්නට කටයුතු කර තිබේ.
තරගය ඉරිදා සවස 2 ට අරඹන්නට නියමිතය.