අප අතරින් සමුගත් ජැක්සන් ඇන්තනි ප්‍රවීණ කලාකරු තමන්ගේ කලා දිවිය ආරම්භයට බලපෑවේ තමා ලද අධ්‍යාපනය බවත් එසේ නොවන්නට තමන් ටීටර් කාරයෙක්වී ගමේම පරව යන කලාකරුවෙකු බවට පත්වන්නට ඉඩ තිබූ බව පේරාදෙණිය සරසවියේදී මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කළේය.
බොහෝ අය කතාකරන ජැක්සන්ගේ ආරම්භය ගැන ඔහු අවංකව දැක්වූ එම අදහස් මෙසේය.
මම මේ රටේ ඉතාම සාමාන්ය කලාකරුවෙක්. එතකොට අපේ රටේ සාමාන්ය පන්තියකින් මතුවෙලා කලා ලෝකය තුළ පවතින්නට අවශ්ය කරන සුදුසුකම් තමා විසින් ම සොයා ගත් වෙනත් කිසිදු උරුමයක් නොතිබුණු මෙරටේ අධ්යාපනය මතින්ම බිහිවෙච්ච කලාකාරයෙක්.
මම කැමති මාව හඳුන ගෙන මම මම පහළ වුණේ කොහෙන්ද? කියන්න...එකම දේ තමයි මං අර ආරම්භයේදීත් කියපු මේ රටේ අධ්යාපනය. කිසිදු වෙනසක් සිදු නොවී නිදහස් අධ්යාපනය අසාධාරණයට ලක්ව තිබියදී තමයි මං වගේ කලාකාරයෙක් පහළ වෙන්නේ.
මගෙ හත්මුතු පරම්පරාවේ වත් එම කලාකරුවෙක් ව්යාපාරිකයෙක් ප්රභූවරයෙක් එහෙම හව්හරණ ලැබිය හැකි අයෙක් මට හිටියෙ නෑ. මම ඉතාම දුප්පත් ගම්මානයක රාගම පොඩි වී කුඹුර කියන ගම්මානයෙන් පහළ වුණේ.
ඉතින් මේ පහළ මධ්යම පාන්තික පවුලකින් රජයේ සේවකයෙක් පියා වෙච්ච ගැමි ගෙදරකින් මම පහළ වෙන්නේ. එතකොට අපේ ගමේ හිටියේ මේ නාඩගම්කාරයෝ ආසප්පු කාරයෝ ටීටර් කාරයෝ අපේ අපේ මාමලා අපේ තාත්තත් මගේ තාත්තත් එම ටීටර් හා ආසප්පුවල රඟපාපු කෙනෙක්.
අන්න එහෙම උරුමයක් තමයි මගේ කුසලතාව හැටියට මට ලැබුණේ. එතනින් එහාට මේ සියල්ල සිද්ධවන්නේ අධ්යාපනය කරණකොටගෙන. දැන් මගේ ගමේ මට සමානව මාත් එක්ක එකට නාට්ය සාහිත්ය සංගීත. චිත්රපට ආදී කටයුතුවලට ලොබ බැඳපු ඒ වෙනුවෙන් අභ්යාස ගත වෙච්ච තවත් පිරිසක් හිටියා. හැබැයි ඒගොල්ලන්ට අධ්යාපනය ජයග්රහණය කරේ නැති නිසා ඒගොල්ලො තව දුරටත් වඩු බාස්ලා කම්කරුවො වුණා. විදේශ රැකියාවලට ගියා.
අධ්යාපනය නැමැති කඩුල්ල පැනගන්න පුළුවන් වුණේ මට විතරයි.
මං කුඩා කාලයේ මගේ හැකියාවන් මගේ සුරුබුහුටි කම් ගැන අනෙක් අය කිව්වා. මම නටන ගයන ඒ ගැන කතාකරන නිතර කතා කරන හුරතල් සාමාන්ය දරුවෙක් බව කිව්වා.
අද නම් ඉතින් ෆේස්බුක් එකේ දායි.එදා ෆේස්බුක් එකක් තබා එම කිසිදු සන්නිවේදනයක් තිබුණේ නැහැ. මගේ මුලු ගමම මට ආදරය කළා මගේ පවුල මට ආදරය කළා.
මාව හරියට අගය කළා මගේ ගුරුවරු මම ගිය දුප්පත් ඉස්කෝලේ හපුගොඩ ඉස්කෝලෙකට කඳාන හපුගොඩ ශාන්ත මරියා ද්විතීය මිශ්ර පාසල සාමාන්ය පෙළ දක්වා පමණයි පාසලේ තිබුණේ .
මගේ ගුරුවරු මට කිව්වෙ කොල්ලො. උඹ විශ්වවිද්යාලේ කොහොමහරි පලයන් උඹේ මාමලා බාප්පලගෙ තාත්තලාට වෙච්ච දේම ඔබටත් වේවි නැත්තං කියලා.
ඒත් ඉතින් මට එහෙම ලොකුවට ඉගෙන ගන්න අධ්යාපන හැකියාවන් තිබුණෙත් නෑ. මම කවදාවත් පළවෙනිය දෙවැනි හා තුන්වැනි වෙලා නෑ. මං ඔයා දාහතර පහලොව විසි දෙක එහෙම තමයි මං හිටියේ.
මහා ලොකු අධ්යාපන හැකියාව තිබුන් නැතැත් හැබැයි අතහැරියේ නෑ.
මට ඒකායන අරමුණක් තිබුණ විශ්වවිද්යාලයේ යනවාමයි කියලා.
මං පාසලෙත් හැමදාම කරේ නාට්ය කලාව මට සෙල්ලම් බත් උයපුවා වැලි සෙල්ලම් බත් මතකයක් මට නෑ මම ක්රීඩා කරපු මතකයක් පවා නැහැ. මගේ නාට්‍ය වැඩෙත් එක්ක ගොඩනැගුණේ නැහැ මම නාට්ය තමයි කළේ කුඩා කාලයේ සිටම . අනෙක් අය අනුකරණය කරා එහෙම තමයි ළමා කාලය. ඒ නිසා මම කොහොම හරි ඒ ඒ නාට්ය කලාවත් ඊට සමාන්තරව පවත්වාගෙන ගියා.
එතකොට ගමේ නාට්ය තරග තිබුණ හරියට නාට්ය තරගවලට ඉදිරිපත් වන පාසල් නාට්ය තරග කලාප නාට්ය තරග එහෙ මෙහෙ මෙහෙම ඇවිල්ලා ඉතින් උසස් පෙළ තරමට එනකොට මම ගලහිටියාව මධ්ය මහා විද්යාලයට යන උසස් පෙළ සඳහා ගියා මොකද හපුගොඩ ඉස්කෝලේ උසස් පෙළක් තිබුණේ නෑ. එතනට ගියාම මට තව මිත්රයන් හම්බවෙනවා.
මං ඒ අයත් එක්ක මගේ නාට්ය කලාව තවත් ප්රවර්ධනය කරනවා. එක්දහස් නමසිය හැත්තෑ හතේදී අපි කරපු නාට්යයක් ජාතික තරුණ සේවා සභාවේ හොඳම නාට්ය හැටියට තේරෙනවා. ඊට පස්සෙ අපි ඒකත් එක්ක ලංකාව පුරා අපි නාට්ය අරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතරතුර තමයි මං උසස් පෙළ විභාගයටත් මුහුණ දෙන්නේ. ඒ වනවිට ඉතින් අර ශිෂ්යයෙක් හැටියට ලබන්න පුළුවන් සියලූම දේවල් හා ප්රේමය ආදරය පිළිබඳ තියෙන සියලූම තත්වයන් දරාගනිමින් කලාවේ යෙදෙමින් මම විභාගයට මුහුණ දෙනවා.
ඒත් පලවෙනි උත්සාහයේදී අතිශයින්ම අසාර්ථක ලෙස මාව පරදිනවා. ඒ කාලේ වැඩ හතරක් තිබුණා මට එස් දෙකයි එෆ් දෙකයි .
ඉතාම පල්ලැහැ මට්ටමට ප්රතිඵලයක් .
මම වහාම බය වෙනවා. මම මට මගේ ප්රාර්ථනා මතක් වෙනවා. මට නාට්යකරුවෙක් ලෙස නාට්ය කලාවේ ඉඳිමින් මගේ විභාග ප්රතිඵල ගැන මට මගේ හිත අතහැරලා දාන්න තිබුනා.ඒත් අත්හැරියේ නැහැ ගුරුවරු නිසා.
දෙවැනි සැරේ මම හොඳට පාඩම් කරලා මම ඒ දෙකයි බී දෙකයි හැටියට ලොකු ලකුණක් ලබනවා. මං කොළඹ විශ්වවිද්යාලයට ඇතුළත් වෙනවා අන්න ඒ කොළඹ විශ්වවිද්යාලයේ තමයි මට පිපෙන්න පුළුවන්කම ලැබෙන්නේ.
විශ්වවිද්යාලයට පැමිණීම හේතුකොටගෙන කොළඹ විශ්වවිද්යාලයේ අන්තර් පීඨ නාට්ය අන්තර් විශ්වවිද්යාල නාට්ය තරග ඒ වලට යනවා. ඒ මුහුණ දුන් අයට සුගතපාල ද සිල්වා එක් වතාවක් අපේ අන්තර් පීඨ නාට්ය උළෙලක් නිශ්චය කරන්න ඇවිල්ල මාව තෝර ගත්තා එයාගෙ වැඩ වලට.
එපමණක් නොව ලංකාවේ නාට්ය කලාව පුරා ආරංචියක් අරගෙන ගියා. අර කොළඹ විශ්වවිද්යාල කොල්ලෙක් ඉන්නවා. ඒකට සිංදු කියන්න පුළුවන් නටන්න පුළුවන් රඟපාන්න පුළුවන් කියලා. ඒ ආරංචියට ලූෂන් බුලත්සිංහල මහතා එයාගෙ නාට්යට තෝරා ගන්නවා දයානන්ද ගුණවර්ධනගෙ මධුර ජවනිකා නාට්යය එක්දාස් නවසිය අසූ තුනේ මගේ විශ්ව විද්යාල වයසේදීම විශ්වවිද්යාලයේ තමයි මං යන්නෙෙ1980 සිට 85 දක්වා මං කොළඹ විශ්වවිද්යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිටෙ පෙනී සිටියේ ඒ අතරතුර තමයි ජාතික රූපවාහිනිය මතුවුණේ.
82 ජාතික රූපවාහිනි වැඩවලට මං යනවා. ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය පටන් ගන්නේ ඔය කාලෙ.වේදිකා නාට්ය, රූපවාහිනී ආදී වැඩ නිසා මං ප්‍රකට වෙනවා.මේ මගේ ශිෂ්ය අවධියේ ම මං කරපු අභ්යාස මත තමයි මම කියල කෙනෙක් මෙහෙම පහළ වෙන්නෙ. මම කිව්වේ මගේ පහළ වීමේ මූලික හේතුව ලංකාවේ නිදහස් අධ්යාපනය.
0 Comments