පාසල නිමවී නිවසකරා යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ත්‍රිරෝද රථ රියදුරකු සහ කාන්තාවක ඊයේ (15දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.සිසුවිය පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු වන 16 වියැති පාසල් සිසුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය කීය.
සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් ඊයේ (15දා) දහවල් කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී පාසල නිමවී නිවස කරා යමින් සිටි සිසුවියක බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවා ගෙන ඇති බව සදහන් වේ. එය දුටු ඇයගේ මිතුරියක බලහත්කාරයෙන්ම ත්‍රිරෝද රථයට ගොඩවී මිතුරිය පැහැරගෙන යාමට විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ.
සැඟව සිටින පාසල් සිසුවා ත්‍රිරෝද රථය තුළදී සිසුවියන් දෙදෙනාටම පහර දී අත්අඩංගුවේ පසුවන කාන්තාවගේ කිතුලාව, මෙනේතැන්න ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.සිද්ධිය විදුහල්පතිවරයාට සැලවීමත් සමගින් පොලීසියට වාර්තා කර ඇති අතර,
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මකවී ප්‍රදේශය සෝදිසි කරන අතරතුර ත්‍රිරෝද රථයකින් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමා ඇති බවත් අත්අඩංගුවේ පසුවනුයේ එකී රථයේ රියදුරු බවත් පොලීසිය කීය.දැරියන් දෙදෙනා රෝහල්ගත කිරීමට නියමිතය.කළුතර දකුණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
පානදුර - සුමිත් පොතුපිටිය
0 Comments