kandy-uc-cashier-arrested

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 51ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර මහනගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවට දෛනික ආදායම් වශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභා ගිණුමේ තැන්පත් නොකර එම නිලධාරිනියගේ දියණියගේ මංගල උත්සවයේ වියදම් කටයුත්තක් සඳහා යොදාගත් බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබුණි .



මෙම මූල්‍ය වංචාවට අදාළව මහනුවර මහ නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මීට මසකට පමණ පෙර මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර නිලධාරිනිය එසේ අත්අඩංගුවට ගෙන තිබේ .

එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව එම කළමනාකරණ සේවා නිලධාරිනියගේ වැඩ තහනම් කොට තිබේ .

 ෂේන් සෙනෙවිරත්න