කෙන්යාවේ රාජ්‍ය භෝජන සංග්රහයක දේශනයකදී බ්‍රිතාන්‍යයන් විසින් කෙන්යානුවන්ට එරෙහිව අතීතයේ සිදු කරන ලද "පිළිකුල් සහගත සහ සාධාරණීකරණය කළ නොහැකි ප්රචණ්ඩ ක්‍රියා" සඳහා "නිදහසට කරුණක්" නොමැති බව බ්‍රිතාන්‍යෙය් චාල්ස් රජු පවසා ඇත.
යටත් විජිත පාලන සමයේ බ්‍රිතාන්‍යයෙන් සිදුවූ වැරදි දැඩි ශෝකයට සහ ගැඹුරු පසුතැවීමට" හේතුවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නැගෙනහිර අප්‍රිකානු රටට ගිය බ්‍රිතාන්‍ය රැජින හා රජුව , ජනාධිපති විලියම් රූටෝ සහ ජනාධිපති ආර්යාව විසින් සිව්දින රාජ්‍ය සංචාරයක් සදහා පිළිගනු ලැබුනේ ඉතා හරසරිනි.
සංචාරයට පෙර, කෙන්යානු මානව හිමිකම් කොමිසමෙන් "රජුගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමක්" ඉල්ලා ඇති අතර, විශේෂයෙන්ම 1950 ගණන්වල තම ඥාතීන් අපයෝජනයට ලක් වූ අයගෙන් සමාව ඉල්ලා සිටින ලෙස රජුට නැවත නැවත ප්‍රකාශ කරන ලදී.
1952 දී පියාගේ අභාවයෙන් පසුව රට හැර ගිය දෙවන එලිසබෙත් රැජින ඇතුළුව කෙන්යානු රජ පවුලේ ඓතිහාසික පවුල් හිතෙෂි භාවයන්ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
එහිදී "අපේ ජනතාව එකට ගෙන ආවේ අපගේ හවුල් ඉතිහාසයේ සමීපත්වයයි. කෙසේ වෙතත්, අපගේ දිගු හා සංකීර්ණ සම්බන්ධතාවයේ වඩාත්ම වේදනාකාරී අවස්ථාවන් ද අප පිළිගත යුතුය,"යනුවෙන් රජු පැවසීය.එසේම කෙන්යාවේ වැසියන්ට එරෙහිව සිදු කරන ලද පිළිකුල් සහගත සහ යුක්ති සහගත කළ නොහැකි ප්රචණ්ඩ ක්‍රියාද ඇති බව රජතුමා පැවසීය."නැවත කෙන්යාවට පැමිණීමේදී, මෙම වැරදි පිළිබඳ අවබෝධය ගැඹුරු කර ගැනීම සහ ඔවුන්ගේ ජීවිත සහ ප්‍රජාවන් වල ඉතා දරුණු ලෙස පීඩාවට පත් වූ සමහර අය මට මුණගැසීම මට ඉතා වැදගත් වේ," යැයිද ඔහු පැවසීය.
නමුත් මේ කිසිවකින් සිදුවූ අතීත සිදුවීම් වෙනස් කල නොහැකි බවත් ,මේ පිලිබදව විවෘතව කතා කිරීමෙන් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
කෙසේ නමුත් කෙන්යානුවන් අනූ දහසක් ඝාතනයට, වධහිංසාවට හා ආබාධයට ලක් වූ අතර, මවු මවු කැරැල්ලේදී බොහෝ දෙනෙක් රැඳවුම් කඳවුරුවල රඳවා සිටියහ.එදා දෙපාර්ශ්වයෙන්ම සිදු වූ සාහසික ක්‍රියා සමඟින් එය කෙන්යාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් කිරීමේ ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කරන්නට විය.මේ සදහා දශකයකට පෙර බ්‍රිතාන්‍ය රජය කනගාටුව ප්‍රකාශ කළ අතර වන්දි වශයෙන් පවුම් මිලියන 20කට ආසන්න මුදලක් ගෙවා ඇත, නමුත් ඇමතිවරුන් කිසි විටෙකත් සමාව නොගත්තේය.
රජු මිය ගිය අය සදහා පිහිටුවා තිබු අනුස්මරණය කිරීම සහතික කිරීම අරමුණු කරගත් පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් කොමිසමේ ප්රයත්නයන්ටද ප්‍රශංසාව පලකරන ලදී.
ඔහු නයිරෝබි ජාතික වනෝද්‍යානයට ගොස් පරිසර සංරක්ෂණයට කැපවී සිටින අභාවප්‍රාප්ත නොබෙල් ත්‍යාගලාභී වංගරි මාතායිගේ දියණිය වන පරිසර ක්‍රියාකාරික වන්ජිරා මතායි හමුවීමට ද සැලසුම් කරයි.රජුගේ මෙම සංචාරය කෙන්යානු නිදහසේ 60 වැනි සංවත්සරයට සමගාමීව සිදුවූ අතර සංචාරය සඳහා එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන ඉලක්කයක් වූයේ මිත්‍රත්වය සහ අනාගත සබඳතා කෙරෙහි අවධානය යොමු කිරීමයි.
0 Comments