leon-amarananda-awukana-doctor-story

පසුගිය පොහොය දිනයේ අවුකන පිළිම වහන්සේ වෙත සිවුරක් පළඳා සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කළ පුද්ගලයා හා එම ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණයක් අරඹා ඇත.
අවුකන විහාරාධිපති හිමියන් මෙම සංසිද්ධිය මාධ්‍යයට හඳුන්වාදුන්නේ ‘විශේෂඥ වෛද්‍යවරයෙකු‘ගේ කඨින පිංකමක් වෙනුවෙන් සිදු කළ වරදක් නොවන පුණ්‍ය ක්‍රියාවක් ලෙසය. එය විවේචනය කරන අය නූගතුන් ලෙසද උන් වහන්සේ නම් කළහ.
සිද්ධියට දිනකට පසු එකී ‘විශේෂඥ වෛද්‍යවරයා‘ තමන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස දක්වමින් මාධ්‍ය ඇමතු අතර ඔහු  අවුරුදු දාසයක් තිස්සේ මේ වැනි කඨින පිංකම් කරන බවත් මිට පෙර ශ්‍රී මහා

බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට සිවුරු පූජා කර ඇති බවත් මෙවර කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න අදහස් කර සති දෙකකට පෙර විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධවී අවසර ගත් බවත් විරුද්ධත්වයක් පළ නොවූ නිසා එය සිදු කළ බවත් කීය.
මේ දක්වා කිසිදු පරීක්ෂණයක් වෙනුවෙන් පොලිසිය තමා ප්‍රශ්න නොකළ බවද කීය.
මේ අතර වත්තල ප්‍රදේශයේ සිට අනුරාධපුර අවුකන පරිශ්‍රයට පැමිණි මෙම පුද්ගලයා ගැන වැඩි විස්තර දැන් වාර්තාවී තිබේ.
ඔහුගේ නම ලියොන් අමරානන්ද යි. ඔහු විශ්ව ශක්තියෙන් වෙදකම් කරන බව පවසන්නෙකි. Dr. Leon Amarananda නමින් ඔහු තමා ගැන වෙබ් අඩවියක්ද පවත්වා යන අතර එහි එන විස්තරයේ හැටියට
වෛද්‍ය ආයතනයකින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ නැති ඔහු දාර්ශනිකයෙක් හා දූරදර්ශී විද්‍යාඥයෙකි. ඔහුට අතීතය කියවීමට, අනාගතය දැකීමට සහ මනස කියවීමට හැකියාව ඇතැයි දක්වා තිබේ.


ඔහු සමඟ වාඩි වී කතා කිරීමට අවස්ථාවක් ලැබුණු විට ඔබව මවිතයට පත් කරනු ඇතැයිද දක්වා ඇත.
ඇවිදීමට අපහසු අය ඇවිද්දවන බවත් කතා කිරීම බැරි අය කථා කරවන බවත් කියයි. පිළිකාව, ඉරුවාරදය ආදියද සුවකරන බව දක්වා තිබේ. ඔහුගේ ප්‍රතිකාර ක්‍රම හැරුණු විට ඔහු අතිශය බුදු දහමට නැඹුරු බවත් "ධර්ම" දේශනා කරන බවත් කියා තිබේ.භාවනාව උගන්වන්නටද ඔහු කටයුතු කරන බවත් ඔහු ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයේ වසර හතහමාරකට වැඩි කාලයක් භාවනායෝගීව සිටි බවත් සියගණනක් භික්ෂූන් වහන්සේලාට සහ දහස් ගණන් ජනයාට “කමටහන්” ලබා දී ඇති බවත් සඳහන් කර තිබේ.

ඔහු බුදුරජාණන් වහන්සේ වැඩම කළ ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන 16ක් වන්දනා කිරීමට ගමනක් ආරම්භ කර ඇති බවද සෑම මසකම එම රහසිගත ස්ථානවලට ගොස් භික්ෂූන් වහන්සේලාට දානමය පිංකම් කිහිපයක් පූජා කරන බවද සඳහන් වේ.
මෙම Dr. Leon Amarananda වෙබ් අඩවියේ එලෙස දැක්වෙන නමුත් ඔහු ගැන මේ වනවිට සමාජ මාධ්‍ය සටහන් කිහිපයකින්ම ඒ කරුණු ඇතැම්වා සත්‍යතාවෙන් තොර බවට විවේචන එල්ල කර තිබේ.
වත්තල, බංගලාවත්ත, සර්කියුලර් පාරේ පදිංචි ලියොන් අමරානන්ද බටහිර හෝ පෙරදිග කිසිදු විද්යාත්මක හෝ ශාස්ත්රීය පදනමක් නොමැතිව තමන් විශ්ව ශක්ති වෛද්ය වරයකු වශයෙන් හඳුන්වා ගන්නා අයෙකු ලෙස එක් විවේචනයකින් කියැවේ.
සුනිල් මුතුමාල නමැත්තෙකු ඔහු ගැන ෆේස්බුක් සටහනක දක්වා ඇති පරිදි
මීට පෙර වසර හත හමාරක් මඩකඩ ආරන්ය සේනාසනයේ භාවනානුයෝගීව හිඳ මෙම විශ්ව ශක්තිය තමන් වෙත ආරෝපණය කර ගත් බව මොහු පවසා සිටිය ද එවැන්නකු පිළිබඳ විමසීමේදී එම සේනාසනයේ ප්රධාන හිමි නම එවැන්නෙකු ගැන  තොරතුරක් තමන් නොදන්නා බව පවසා ඇත.
 මහා පරිමාණ ‘පූජා සංවිධානය කිරීමේ ජාවාරමක්‘ කරන අයෙකු ලෙස ඔහු ගැන විවේචනයේ දැක්වේ. තමන් වෙත විශ්ව ශක්තියෙන් ලැබුණු අණ කිරීම් බව පවසමින් අනේක විධ මහා පරිමාණ පූජා සංවිධානය කොට මොහු මීට පෙර රුවන්වැලිසෑය වටා සිවුරු සහ බෞද්ධ කොඩි එතීම් වැනි කටයුතු වෙනුවෙන් විශාල ලෙස අන්ධ භක්තිකයන් ගෙන් මුදල් ලබාගෙන ඉන් සුළු කොටසකින් එම කටයුතු ප්රදර්ශනාත්මක ලෙස සිදු කොට ඇතැයිද සටහනේ දැක්වේ. 2012 වසරේ අනුරාධපුර ජේතවන විහාරය මුල් කොට "මහා ශ්රාවක පූජා" නම් අමුතුම මාදිලියක පූජා විශේෂයක් හඳුන්වා දී ඇතැයිද එහි දැක්වේ. අවුකන පිළිම වහන්සේට සිවුරු පැළදවීමද මේ හා සමාන ක්‍රියාවක් බවත් එය කඨින පිංකමක් ආකාරයට සිදු කිරීමට විහාරාධිපති හිමියන් සමග කථිකා කරගෙන සිදුකර තිබූ බවත් තොරතුරු හෙළි කර තිබේ.


කෙසේ වෙතත් තමන් වහන්සේ මෙයට අනුමැතිය දීම මෙතරම් දුරදිග යන කාරණාවක් වනු ඇතැයි අපේක්ෂා නොකළ බව විහාරාධිපති හිමියන් මාධ්‍ය සමග කළ කථාබහේදී පවසා ඇත.
අවුකන බුදු පිලිමයට පළදවන ලද සිවුර හා ඒ වෙනුවෙන් සකසන ලද පාවහන් යුගලය ගල්නෑව පොලිසිය භාරයට ගෙන තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව මෙම භාණ්ඩ පොලිස් බාරයට ගෙන ඇති අතර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගල්නෑව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකටයුතු පුද්ගලයා හා විහාරාධිපති හිමියන් ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.