lightning-death-student
“පුතා ඉස්තෝ­ප්පුවේ සිට සාල­යට දුව­ගෙන ඇවිත් මා ඉදි­රි­යේම ඇද­ගෙන වැටුණා. පසුව මම ඔහුව ඔසවා සාලයේ පුටු­වෙන් තබා මුහු­ණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දර­දඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැතැයි අකු­ණු­සර වැදී මිය ගිය 15 හැවි­රිදි සිසු­වාගේ මරණ පරී­ක්ෂ­ණයේ දී ඔහුගේ පියා වන කුරු­කු­ල­සූ­රි­යගේ ප්‍රභාත් මධු­රංග පෙරේරා (42) සාක්ෂි දෙමින් පැව­සීය.


මෙසේ මිය­ගොස් ඇත්තේ කුරු­කු­ල­සූ­රි­යගේ අනූප ගිම්නාල් පෙරේරා නමැති ගල්පාත, බට­ගොඩ, ගහ­ල­ව­තු­ගොඩ, අංක 132 ලිපි­නයේ පදිංචි පාසල් සිසු­වෙකි.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂණ උසා­වියේ දී පැවති සාක්ෂි විභා­ග­යේදී තව­දු­ර­ටත් සාක්ෂි දුන් සාක්ෂි­කරු මෙසේ ද පැව­සීය.

“මම ව්‍යාපා­රි­ක­යෙක් ලෙස රැකි­යාව කර­නවා. මිය­ගොස් සිටින්නේ මගේ එකම පුතා. ඔහු හොරණ විද්‍යා­ර­තන පිරි­වෙණේ 10 වසරේ ඉගෙන ගන්නවා. මේ සිද්ධිය වූ පසු­ගිය 22 වැනි දින පුතා පාසල් ගොස් හවස 3.00ට පමණ නිවෙ­සට ආවා. දවල් ආහාර ගත්තා. ආහාර ගෙන සාමාන්‍ය පරිදි නිවෙ­සට වී සිටියා. මගේ පුතාට නිද­න්ගත රෝග ආදිය කිසි­වක් නැහැ.

මේ දින­වල දින­ප­තාම වාගේ හවස් කාලයේ අප ප්‍රදේ­ශ­යට තද වැස්ස වහි­නවා. එදින මමත්, මගේ බිරි­යත්, බිරි­යගේ අම්මාත්, පුතා සමඟ නිවෙසේ හිටියා.


හවස 3. 30ට පමණ වන විට මහ වැස්සක් ඇද­හැ­ළෙන්න ගත්තා. ඒ වැස්ස දිග­ටම තිබුණා. පසුව අකුණු ගැසී­ම­ටත් පටන් ගත්තා. ටික වේලා­ව­කින් විශාල අකු­ණක් ගැසුවා. එවිට ගෙදර විදුලි පේනු­ව­ලින් ගින්දර විසි­වුණා. මම කාම­රයේ ඇඳේ සිට සාල­යට ආවා. බිරිය නාන කාම­රයේ රෙදි හෝද­මින් හිටියේ. එවි­ටම වාගේ බිරි­යත් සාල­යට ආවා. පුතා පේන්න හිටියේ නෑ. පසුව එවි­ටම වාගේ පුතා ඉස්තෝ­ප්පුවේ සිට සාල­යට දුව­ගෙන ඇවිත් මා ඉදි­රි­යේම ඇද­ගෙන වැටුණා. පසුව මම ඔහු ඔසවා සාලයේ පුටු­වෙන් තබා මුහු­ණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දර­දඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැහැ. පසුව අපි ඉක්ම­නින් ත්‍රිරෝද රථ­ය­කින් පුතාව ගල්පාත රෝහ­ලට රැගෙන ආවා. එහිදී වෛද්‍ය­වරු ඔහු පරීක්ෂා කර බලා මිය­ගොස් ඇති බව පැව­සුවා.”

අඟු­රු­වා­තොට පොලි­සියේ පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (83935) ක්‍රිෂාන්ත හා (100310) රුක්ෂාන් නිල­ධා­රීන් විසින් සාක්ෂි විම­සීම කළ අතර, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි පනිත සෙනෙ­වි­රත්න මහතා විසින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කළේය.

ඉදි­රි­පත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැල­කි­ල්ලට ගත් ගල්පාත හදිසි මරණ පරී­ක්ෂක දීපාල් ඖෂ­ධ­රත්න මහතා විසින් මේ මර­ණය අකු­ණු­සර වැදීම මත පෙන­හළු අක්‍රීය වීම හේතු­වෙන් සිදු වූ මර­ණ­යක් බවට නිග­ම­නය කළේය.

හල්තොට- විනිතා මානෙල් ගමගේ