mahinda-budget

අයවැය පිළිබඳ පොදුජන පෙරමුණ තීරණයක් ගෙන නොමැති බවත්, සහයෝගය ලබාදිය හැකි යෝජනා සඳහා සහාය ලබාදී සහයෝගය ලබාදිය නොහැකි අවස්ථාවල සහයෝගය නොදෙන බවත් හිටපු ජනාධිපති පො.පෙ. නායක පා. මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ(13දා) මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ - අයවැය ගැන අධ්‍යයනය කරන්න ඕන. එකපාරටම කියන්න බෑනේ.

ප්‍රශ්නය - නාමල් මන්ත්‍රීතුමා කිව්වා ගියපාර අයවැයෙන් ඉදිරිපත් කරපු ටිකමයි ඇවිල්ලා තියෙන්නේ කියලා?

පිළිතුර - ඒ මතය එයාගෙනේ.

ප්‍රශ්නය - පක්‍ෂයක් විදියට මතයත් ඒකද?

පිළිතුර - පක්‍ෂයේ මතය තවම ගත්තේ නෑ. අපි සහයෝගය දෙන්න පුළුවන් තැන්වල සහයෝගය දෙනවා. දෙන්න බැරි දේවල්වලට සහයෝගය දෙන්නේ නෑ.